27.7 C
Colombo
Friday, April 11, 2025

පළාත් පාලන ඡන්ද විමසීමට අදත් නියෝගයක්

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (03) දින තෙක් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත අභියාචනාධිකරණය අද (02) යළි නියෝග කළා.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.  

එහිදී දැනට ප්‍රතික්ෂේප කර තිබෙන නාමයෝජනා අතුරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කර තිබෙන නාමයෝජනා යළි භාර ගැනීමට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇතිවුණා.

ඒ අනුව දැනට භාරගැනීමට එකඟතාවයකට පත්වී තිබෙන නාමයෝජනා හැර සෙසු නාම යෝජනාවලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඡන්ද විමසීම් කටයුතු  සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම හෙට දින තෙක් වළක්වමින් අධිකරණය තවදුරටත් නියෝගයක් නිකුත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම අද දහවල් තෙක් කල් තිබුණා.
 
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් මේ වන විට අභියාචනාධීකරණය හමුවේ පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

රොෂාන් CID ආවේ ඇයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11)ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන සමයේ ක්‍රිකට් අතුරු...

POPULAR ARTICLES