27.7 C
Colombo
Friday, April 11, 2025

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

- Advertisement -

නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු මස 31 වනදා අදාළ සිදුවීම සිදුව තිබුණු අතර, එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට යම් පිරිසක් බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද අපට ලැබී තිබුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිලාවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර එක් සැකකරුවෙකු එදිනම අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (02) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් ප්‍රදේශය මඟහැර ගොස් සිටියදී නිලාවේලි පොලිස් ස්ථානය විසින් විමර්ශන පවත්වා සැකකාරියක් හා සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 35ක් වන හා සැකකරුවන් අවුරුදු 20, 21, 22, 28 හා 45 යන වයස්වල පසුවන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා නිලාවෙලි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES