29.2 C
Colombo
Tuesday, April 8, 2025

රාජාංගනයේ සද්ධාරතන හිමි සංඝභාවයෙන් නෙරපා හරී

- Advertisement -

රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය , බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර ඇති බව ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඩුල්ල කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයට අද (02) දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට පසුගිය ජනවාරි මස චෝදනා පත්‍ර ලබා දී විද්වත් මහාසංඝයා වහන්සේ සිව් නමක් ඉදිරියේ පසුගිය පෙබරවාරි 25 වන දින විනය කමිටුවට ඉදිරිපත් කර තිබුණා.

ඉන් වැරදිකරු කෙරුණු සද්ධාරතන හිමියන් භික්ෂු භාවයෙන් නෙරපා හැර ඇතැයි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා තිබෙනවා.

අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම සහ ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම යන චෝදනාවලට මින් පෙර මෙම හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණා.

RECENT ARTICLES - SINHALA

Breaking : කටුනායක වෙඩි තැබීමක්

කටුනායක 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට මීගමු රෝහලට ඇතුළත් කර...

චාමරට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. 2016 වසරේ...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා. ඊයේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණේ, ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී දුම්රය...

POPULAR ARTICLES