28.2 C
Colombo
Wednesday, April 9, 2025

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

- Advertisement -

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (02) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කළ විමසීමකදී ඔහු මේ බව පවසා සිටියා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, ගිනිඅවි භාර නොදුන් පුද්ගලයන් මේ වනවිට ජීවත්ව සිටිනවාද නැතහොත් ඔවුන් මෙරට තුළ ජීවත්වෙනවද යන්න පිළිබඳ සොයාබලමින් සිටින බවයි.

එමෙන්ම ආයුධ භාර නොදීමට එරෙහිව ඔවුන්ට විරුද්ධව නීති මගින් කඩනමින්ම කටයුතු කරන බවද නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත මන්ත්‍රීවරු නොවන අයටත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආයුධ ලබා දී තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා :

“දැනට ගිනිඅවි භාර නොදී ඉන්නේ පුද්ගලයන් 42ක් පමණයි. මේ අය ජීවත්වෙනවද, මේ රටේ ජීවත්වෙනවද යන්න පිළිබඳ සොයාබලමින් ඉන්නවා. 

මේ අයට එරෙහිව නීති මගින් කටයුතු කරනවා ආයුධ භාර නොදීමට විරුද්ධව. වැඩිකල් යන්න කලින් මේ කටයුත්ත සිද්ධ වෙමින් පවතිනවා”.

RECENT ARTICLES - SINHALA

මෝදි හමු වු නාමල්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවි තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන "භාරතයේ පිබිදීම" සමුළුව සමුළුවට...

මැතිවරණ කොමිසමෙන් රජයේ නිලධාරීන්ට උපදෙසක්

පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්....

පරාටේ නීතිය අත්හිටුවන්නේ නැහැ-නියෝජ්‍ය ඇමති

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමක් නැවත සිදුනොවන බව ත් මේ වන විට පරාටේ නීතිය ක්‍රියාත්මක වන බව ත් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES