28.2 C
Colombo
Wednesday, April 9, 2025

යාපනයට පාස්පෝට් කාර්‌යාලයක්

- Advertisement -

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්‌යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ පිළිබඳව සඳහන් කර සිටියා.

ඒ අනුව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ මෙම මාසයේදී මෙම ප්‍රාදේශීය කාර්‍යාලය ස්ථාපිත කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ඇතුළත් වන උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කර තිබුණ ද යාපනය, කිලිනොච්චි හා මුලතිව් යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට ආගමන හා විගමන කටයුතු ආශ්‍රිත සේවාවන් ලබාගැනීම උදෙසා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත ගමන් කිරීමේදී විශාල කාලයක් වැයවීම හේතුවෙන් මෙම ප්‍රාදේශීය කාර්යාලය ඉදිකිරීම පිළිබඳව අවධානය යොමුවී තිබුණා.

ඒ අනුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්යාලය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ මෙම මාසයේදී ස්ථාපිත කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයකට යටවී මරුට

නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර...

පාසල්වල ගුරු හිඟයක්?

දිවයිනේ පැසැල් රැසක අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලන් මහතා සඳහන් කළේ, මේ...

නිරුවත් ඡායාරූප වට්ස්ඇප් දැමූ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

අසභ්‍ය වීඩියෝ දර්ශන හා නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා යොමු කරමින් ලිංගික හිරිහැර සිදුකිරීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (08) එම සැකකරුවන්...

POPULAR ARTICLES