28.2 C
Colombo
Saturday, April 12, 2025

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

- Advertisement -

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (2) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රටේ ආරක්ෂාව වෙනුවෙන් යම් කෙනෙකුව අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රශ්න කිරීමට හැකි නමුත් ආණ්ඩුවක් ලෙස සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ආණ්ඩ බැඳී සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

 “අන්තවාදය වපුරණ, ප්‍රචණ්ඩත්වයට නැඹුරුවීමේ හැකියාවක් පවතින යම් පුද්ගලයින් පිළිබඳව රජයට තොරතුරු ලැබිලා තියෙනවා. ප්‍රදේශත් ජනාධිපතිතුමා කිව්වා. අපි හිතන්නේ නෑ ඒ පුද්ගලයින් ඒ ප්‍රදේශවල සිටම කටයුතු කරනවා ඇති කියලා. ඒ ජාලයට සම්බන්ධ අය ගැන විමර්ශන සිදුකරමින් යනවා. එම සැකකටයුතු අය ගැන විමර්ශන කරන එක රජය සතු වගකීමක්. ඒ සියලුදේ කරන්නේ ඒ තනි පුද්ගලයාට වඩා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. අනතුරක් වලක්වාගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමර්ග ගන්නවා. දෙයක් සිද්ධ වුනාට පස්සේ තොරතුරු ලැබිලා තිබුණා මුකුත් කළේ නෑ වගේ දේවල් අහන්න උවමනාවක් වෙන්නේ නෑ. ලැබෙන සුළු තොරතුර මත පවා විමර්ශන කටයුතු කරගෙන යනවා. ඒ විමර්ශන වලින් ඔප්පු වුනොත් එහෙම එකක් නෙමෙයි කියලා ඒ පුද්ගලයා නිදහස් වෙනවා. නැත්නම් ඒකට සම්බන්ධ ජාලය පිළිබඳ විමර්ශන කරනවා. එහෙම තමයි මීට පෙර අර සංචාරක ස්ථානයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරලා අවශ්‍ය අය අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරලා ජාතික ආරක්ෂාව තහවුරු කළේ.  ඒ නිසි මම ඔබෙන් ඉල්ලනවා ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා ගන්න එපා. ප්‍රචණ්ඩත්වය ත්‍රස්තවාදී ක්‍රියා කොයි පැත්තෙන් වුණත් එන්න පුළුවන්. ඒවාට යම් කෙනෙක් ගැන අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රශ්න කිරීමක් සිදු කරනවා නම් රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව ප්‍රශ්න කරාට කමන් නෑ. නමුත් ඒ විමර්ශන කටයුතු වලටත් යන්න ඉඩ දෙන්න. ආණ්ඩුවක් ලෙස අපි සියලු ජනතාවගේ අයිතිවාසිකම් අපි ආරක්ෂා කරනවා. ඒ ගැන හොඳ විශ්වාසයක් තියනවා කියලා මම හිතනවා. කාටත් අපි හානියක් කරන්නේ නෑ. නමුත් යලිත් වතාවක් රටේ  ආනාරක්ෂිත තත්ත්වයක් ඇති වෙලා රටේ ජන ජීවිත අපහසුතාවයට ලක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. “

RECENT ARTICLES - SINHALA

රතිඤ්ඤා අනතුරුවලින් ඔබේ දෙනෙත් රැකගන්න උපදෙස්

එළඹෙන උත්සව සමයේ සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීමට සැළකිලිමත්ව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙනවා. එම ඒකකය සඳහන් කළේ...

මැලේසියාවේ දී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

මැලේසියාවේ ෂා අලාම් හි ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලිසැර වැදී මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු...

පිල්ලෙයාන්ව දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, දින 90 ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ...

POPULAR ARTICLES