28.4 C
Colombo
Saturday, April 12, 2025

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

- Advertisement -

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පැමිණිලි කර තිබෙනවා

මෙම පැමිණිල්ල කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට  යොමු කෙරෙනු  ඇති

රැස්වීම් පැවැත්වෙන දිනවල සේවයට නොපැමිණෙන්නේ නම් රැස්වීම් දීමනාවෙන් මෙතෙක් කලක් කප්පාදු කරන ලද  සියයට දෙකේ අගය නව වැටුප් චක්‍රලේඛයෙන් සියයට පහ දක්වා වැඩි කර ඇති බවත් එයද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට කරන ලද බලවත් අසාධාරණයක්  බවත් එම සේවක සංගම් නියෝජිතයින් පෙන්වා දී තිබුණා.

එම අගය පෙර පැවති සියයට දෙකේ ප්‍රතිශතයේ  රඳවා තැබීමට කටයුතු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

එසේම අනෙකුත් රාජ්‍ය ආයතනවල  ඉහළ වැටුප් තලවල නිලධාරීන්ට නව වැටුප් වැඩිවීමෙන්  හිමිවන වැටුප පාර්ලිමේන්තුවේ අදාළ සමාන තනතුරු දරන  නිලධාරීන්ට හිමි නොවන බවත්  එමඟින්ද ඔවුනට  අසාධාරණයක් සිදුව ඇති බවත්  මෙම නියෝජිතයෝ පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තු සේවක සංගමයේ සභාපති ඒ එච්.එල්.ඒ.එස් ජයවර්ධන සහ  ලේකම් ආර් ඒ එම් එන් රණසිංහ, පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමයේ සභාපති පී.ජී.පී ප්‍රියංකර සහ  ලේකම් බුද්ධිකා අබේසිංහ, පාර්ලිමේන්තු කතා පරිවර්තක සංගමයේ සභාපති අජිත් කුමාර් සහ  ලේකම් ලාල් කුමාරසිරි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය බාරදී තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

“රනිල් බටලන්දට හමුදාව ගෙනාවේ තෙල් පිරිපහදුවේ ආරක්ෂාවට” -රුවන්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා...

POPULAR ARTICLES

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්

පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන...