27 C
Colombo
Wednesday, April 30, 2025

OnmaxDT ගැන පොලිස්පතිට හා නීතිපතිට අධිකරණයෙන් නියෝග

- Advertisement -

ඔන්මැක්ස් ඩී.ටී. පිරමීඩාකාර මූල්‍ය වංචාවට හසුවූ තැන්පත්කරුවන්ගේ සියලු පැමිණිලි ලැබීමෙන් අනතුරුව ඔවුන්ට මුදල් ලබාදීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කර ඒ පිළිබඳව කරුණු ඇතුළත් වාර්තාවක් ජූලි මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (02) නියෝග කළා

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි.

එමෙන් ම, එළැඹෙන මැයි 30 වනදා ට පෙර එම සිද්ධියට අදාළ සියලු පැමිණිලි භාර ගන්නා ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කළා.

මෙම නඩුව වසර ගණනාවක් තිස්සේ විභාග වෙමින් පවතින බවත් තවදුරට ත් එලෙස සිදුවීම තුළින් තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු නොවන බව පෙනීයන බැවින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කරන ලෙසට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව නියෝග කර සිටියා.

තවද සියලු පැමිණිලි මැයි 30 දිනට පෙර භාරගෙන අවසන් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

මේ වන විට සිද්ධියට අදාළව පැමිණිලි 5,000ක් පමණ ලැබී ඇති බවත් සිදුකළ විමර්ශනවලට අනුව මෙම වංචාකාර පිරමීඩ මූල්‍ය ජාවාරම හරහා තැන්පත්කරුවන් සතු කෝටි 19ක පමණ මුදලක් වංචා කර ඇති බව නීතිඥවරයා සඳහන් කළා.

නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ වංචාකරුවන් සතු මිලියන දෙකයි දශම හයක පමණ දේපළ අධිකරණයේ නියෝග මත අත්හිටුවා ඇති බවයි.

මෙම තැන්පත්කරුවන්ගෙන් වංචාසහගතව ලබාගෙන ඇති මුදල් ඔවුන්ට නැවත ලබාදීම සඳහා කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව නීතිපතිවරයාට, ශ්‍රී ලංකා මහ බැංකුවට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝගයක් ලබා දෙන ලෙස ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

මෙම සිද්ධියට අදාළව මේ වන විටත් පැමිණිලි ලැබෙමින් පවතින බවත් එම නිසා මෙම වංචාසහගත සිද්ධියේ ඇතැම් කරුණු කාරණා විමර්ශනය කිරීම පවා දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු පවසා සිටියා.

වින්දිතයන් වෙනුවෙන් නීතිඥ අචලා සෙනෙවිරත්න ද අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර මෙම සිද්ධියට අදාළව 2019 වසරේදී මහ බැංකුවට පැමිණිලි ලැබී තිබූ නමුත් මහ බැංකුව ඒ පිළිබඳව අවධානය යොමු කළේ 2023 වසරේදී නිසා තැන්පත්කරුවන්ට අසාධාරණයක් සිදුවූ බව ද සිද්ධියෙන් පීඩාවට පත් වු ඇතැම් තැන්පත්කරුවන් සියදිවි නසාගෙන ඇති බවත් සඳහන් කළා.

සිද්ධියට අදාළ සැකකරුවන් ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කියා සිටියේ, තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු කිරීම සම්බන්ධයෙන් උපරිම සහාය ලබා දෙන බවයි.

දෙපාර්ශ්වය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ කරුණු ඇතුළත් වාර්තාවක් ජූලි මස 23 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එසේ නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනා VIP පෝලිමෙන් පනස් හයදාහක් ගිහින් – සමන් රත්නප්‍රිය

දළදා වැඳීමට ප්‍රභූවරුන්ගේ පෝලිම්වලින් 56,000 ක පිරිසක් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය පුරවැසියෙකුට...

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

මාස 6ට කරපුවා අහද්දි අපි ලොක් වෙනවා – ඇමති වටගල

ජාතික ජන බලවේග ආණ්ඩුව ගතකළ මාස හයක කාලයේදී ඊට පෙර වසර හැත්තෑ හයක කාලසීමාවට වඩා වැඩි වැඩ කොටසක් ඉටුකර ඇති බව නියෝජ්‍ය ඇමති සුනිල්...

POPULAR ARTICLES

දළඳා වන්දනා VIP පෝලිමෙන් පනස් හයදාහක් ගිහින් – සමන් රත්නප්‍රිය

දළදා වැඳීමට ප්‍රභූවරුන්ගේ පෝලිම්වලින් 56,000 ක පිරිසක් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය පුරවැසියෙකුට...

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

චීනයේ අවන්හලක ගින්නක් – 22 ක් මරුට

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හදුනාගෙන...