31 C
Colombo
Monday, April 28, 2025

තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7ක්

- Advertisement -

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 03 වන දින සිට ආරම්භ කෙරුණු අතර එම කටයුතු පසුගිය 17 වන දිනෙන් අවසන් කෙරුණා

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා වූ රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු සංගණනය අවසන් අදියර වෙත ළඟා වී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව යම් රාජ්‍ය නිලධාරීයෙකු තම තොරතුරු මේ දක්වාත් ලබාදී නොමැති නම් එම තොරතුරු තම ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව අදාළ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමුකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලීමක් කළා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ කල සිසුන්ට වැඩපිළිවෙලක්

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කිරීමට සූදානම් වන බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ජනහමුවක්...

බෝම්බ ප්‍රහාරයක් ගැන නඩුවකට මෛත්‍රීගෙන් සාක්ෂි ගනී

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය...

උසස් පෙළ ප්‍රතිථල ආව සිසුන්ට දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව...

POPULAR ARTICLES

උසස් පෙළ කල සිසුන්ට වැඩපිළිවෙලක්

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කිරීමට සූදානම් වන බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ජනහමුවක්...

ඉන්දු – පකිස්ථාන ගැටුම උග්‍රවෙයිද?

මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. අද (28) සිට ක්‍රියාත්මක වන...