32 C
Colombo
Tuesday, April 29, 2025

දේශබන්දු අද යළි අධිකරණයට

- Advertisement -

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුව අද (03) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු අද දුම්බර බන්ධනාගාරයේ සිට මාතර අධිකරණය වෙත විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන යාමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට මොහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය පෙබරවාරි මස 27 වනදා අධිකරණය නියෝග කළා.

එම නියෝගය නිකුත් කර දින 20ක කාලයක් සැඟව සිටීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් පසුගිය මාර්තු මස (19)වන  නීතිඥවරුන් විශාල පිරිසක් සමඟ අධිකරණයට භාර වුවා.

ඒ අනුව තෙන්නකෝන් පසුගිය මාර්තු මස 20 වනදා යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.


RECENT ARTICLES - SINHALA

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ...

රජයේ මාධ්‍ය හැඳුනුම්පත නැතුව කැබිනට් එන්න බැහැ – නලින්ද

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා නිකුත් කර...

CTB හිටපු උප සභාපතිට ඇප

ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්.ඒ.විමලරත්න මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගෙන  තිස්සමහාරාම මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ...

රජයේ මාධ්‍ය හැඳුනුම්පත නැතුව කැබිනට් එන්න බැහැ – නලින්ද

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා නිකුත් කර...

එක් ගොවි සංවිධානයකට මිලියනය දාහක්

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය...