26 C
Colombo
Sunday, April 27, 2025

ණයක් ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

- Advertisement -

බැංකු ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී, තුන්වැනි අදියර වනතුරුම ණය ගෙවීම් පැහැර හැර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් මූලික ගැටලු සඳහා මේ වන විට විසඳුම් ඉදිරිපත් කර ඇතැයි, මුදල් අමාත්‍යාංශය පවසනවා.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ වත්මන් බැංකු නීතිය යටතේ තුන්වන අදියර දක්වා ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු  ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුවද සලකනු ලබන්නේ තුන්වෙනි අදියරේ ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ලෙසයි.

ඒ හේතුවෙන් අදාළ පුද්ගලයාට නව ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

නව විසඳුමට අනුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත ණය පැහැර හැර ඇති පුද්ගලයින්ට තවත් ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙනු ඇති.

නව විසඳුම සමග මෙවර අයවැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙන්කර තිබූ රුපියල් බිලියන 5ක මුදල් ප්‍රමාණය ගැටලුළුවකින් තොරව බෙදා දීමට හැකියාව ලැබෙන බව මුදල් නියෝජ්‍ය  අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ණය මුදල් පැහැර හැර ඇති එවැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වරළත් ගණකාධිකාරණ ආයතනයෙන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ ලබා ගැනීමට සාකච්ඡා සඳහා සූදානම් විය යුතු බවයි.

අනතුරුව ජාතික ආර්ථිකයට ඵලදායි වන ආකාරයට ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර ඉදිරි මාස නවය ඇතුළත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට අයවැයෙන් වෙන් කළ ණය මුදල් බෙදා දීම සිදු කරන බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES