27 C
Colombo
Tuesday, April 15, 2025

බ්‍රිතාන්‍යයට එන සංචාරකයින්ට නීති වෙනස් වෙලා

- Advertisement -

බ්‍රිතාන්‍යයට පැමිණෙන යුරෝපීය සංචාරකයින් වෙනුවෙන් විද්‍යුත් අවසර පතක් ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ යටතේ පවුම් 16ක මුදලක් වැය කර අවසරපත් ලබාගත යුතු බව වාර්තා වනවා.

කලක් යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයෙකුව සිටි බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වූයේ බ්‍රෙක්සිට් නම් සුවිශේෂී වැඩපිළිවෙළ යටතේයි.

එතැන් සිට එරට යුරෝපයෙන් වෙන්වූ රාජ්‍යයක් ලෙස කටයුතු කරමින් සිටිනවා.

තම රටට පැමිණෙන සියලුම යුරෝපීයයන් ඉලක්ක කරගත්, විද්‍යුත් සංචාරක අවසරපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට බ්‍රිතාන්‍යය දැන් පියවර ගෙන තිබෙනවා.

නව ක්‍රමවේදය යටතේ බ්‍රිතාන්‍ය දේශසීමාව තරණය කරන සියලුදෙනා මේ විද්‍යුත් සංචාරක අවසරපත් ලබාගැනීම අනිවාර්ය කෙරෙනවා.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගත හැකි මෙම අවසරපත සඳහා පවුම් 16ක මුදලක් වැයකළ යුතු වනවා.

එය ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් මස 9 වෙනිදා සිටයි.

කෙසේ නමුත් ඔවුන්ට මෙහිදී වීසා ලබාගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරේදී පමණක් යුරෝපා සංචාරකයින් මිලියන 22.5ක් බ්‍රිතාන්‍ය යේ සංචාරය කර තිබෙනවා.

මෙම විද්‍යුත් සංචාරක අවසරපත් ක්‍රමවේදය පසුගිය වසරේදී පළමුවරට ක්‍රියාත්මක වූයේ යුරෝපා නොවන සංචාරකයින් ඉලක්ක කරගෙනයි.

කෙසේ නමුත් රටේ දේශසීමාවල ආරක්ෂාව තරකිරීමට මෙම පියවර ගැනීමට සිදුවූ බව බ්‍රිතාන්‍ය රජය වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

රිය අනතුරකින් දැරියක් මරුට – හයක් රෝහලේ

ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වු...

බීමත් රියදුරන් අල්ලන්න,අඛණ්ඩ මෙහෙයුම්

බීමත්  රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි. බීමත්ව රිය පැදවීමෙන් වළකින...

අද හවසට ලොකු වැස්සක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES