29 C
Colombo
Wednesday, April 30, 2025

නිල සංචාරය ගැන මෝදිගෙන් X සටහනක්

- Advertisement -

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරය හෙට (04) ආරම්භ වීමට නියමිතයි.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කළ නිවේදනයේ සඳහන් වන්නේ මෝදි මහතා හෙට සිට අප්‍රේල් 06 වනදා දක්වා දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.

සිය රාජ්‍ය සංචාරය පිළිබඳ  X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන්කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුව මෙම සංචාරය සිදුවන අතර එහිදී බහුවිධ ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කර සහයෝගීතාවයේ නව මාර්ග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

එමෙන්ම සිය සංචාරය තුළ හමුවීම් කිහිපයකට සහභාගී වීමටද නියමිත බවද එම X සටහනේ සඳහන් වනවා.

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරය අතරතුරදී අනුරාධපුරයට ගොස් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමටත්, ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටත් නියමිතව ඇති බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

මහ බැංකුවට දැවැන්ත ලාභයක්

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. අදාළ වර්ෂය තුළ දී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල...

රාජ්‍ය සේවකයින් ‍රැසක් විශේෂ නිවාඩු අරන්

මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින අතර ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු...

පාඨලීගේ රාජගිරියේ නඩුව කල්ගිහින්

2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කොට ඒ පිළිබඳ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි නිර්මාණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු...

POPULAR ARTICLES