29 C
Colombo
Wednesday, April 30, 2025

මාතලේ පොලීසියට අයුතු ලෙස ඇතුළු වූ පිරිසක් අත්අඩංගුවට

- Advertisement -

මාතලේ පොලිස් ස්ථානයට අයුතු ලෙස ඇතුළුවීම හා ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම යන චෝදනාව යටතේ පුද්ගලයින් පස්දෙනෙකුව අද (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහන්වර අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් හා මාතලේ වරකාමුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව මාතලේ පොලීසිය පවසනවා.

මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරි එස්. එම්. එන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මාතලේ පොලිස් ස්ථානාධිපති උපුල් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණයින් පිරිසක් ඊයේ (02) පෙරවරුවේ මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා.

එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි මාතලේ පොලීසියේ නිලධාරින් කිහිපදෙනෙකු තරුණයින්ව පරික්ෂාවට ලක් කර මත්ද්‍රව්‍ය තිබූ බවට අසත්‍ය චෝදනා නගමින් තරුණයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මෙම පිරිස විරෝධතාවය පැවැත්වූ බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මාතලේ පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව මෙම ක්‍රීඩකයින් පරික්ෂා කිරීමේදී පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබී ගංජා හමු වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් ගංජා සන්තකයේ තිබූ පුද්ගලයින් දෙදෙනා හා අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලින් පස්දෙනා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා-රනිල්

ගාලුමුවදොර පිටිය දේශපාලන වැඩසටහන්වලට යොදා නොගැනීමට සියලු දේශපාලන පක්ෂ එකඟතාවකට එළැඹ තිබියදී ජාතික ජන බලවේගය මැයි රැලිය පැවැත්වීමට එම පිටිය යොදා ගැනීමෙන් පෙර එකඟතාව...

මාර්තුවේ නිල විදෙස් සංචිතයේ වර්ධනයක්

මාර්තු මාසය අවසන් වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු...

අද ඉදන් ඡන්ද කාඩ් ළඟම තැපැල් කාර්යාලයෙන්

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ඡන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි...

POPULAR ARTICLES