29.1 C
Colombo
Saturday, April 12, 2025

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි නියෝගය හෙට

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු නාමයෝජනා, ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ නියෝගය හෙට (04) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව උප්පැන්න සහතිකවල සහතික පිටපත් ඉදිරිපත් කිරීම, විධිමත් ලෙස දිවුරුම ඉදිරිපත් නොකිරීම සහ උප්පැන්න සහතිකවල ඡායා පිටපත් පමණක් ඉදිරිපත් කිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනාවලට අදාළව ගොනුකරන ලද පෙත්සම් පිළිබඳ තීන්දුව ද හෙට ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඊට අමතරව නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ විමසීමට භාජනය වී තිබෙන පෙත්සම්වලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්, හෙට තෙක් මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියම කළා.

අදාළ පෙත්සම් පිළිබඳ අද අධිකරණය හමුවේ කරුණු සලකා බැලූ අතර වැඩිදුර විමසීම හෙට තෙක් කල් තබනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

“රනිල් බටලන්දට හමුදාව ගෙනාවේ තෙල් පිරිපහදුවේ ආරක්ෂාවට” -රුවන්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා...

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්

පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන...

පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කළ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ...

POPULAR ARTICLES