27 C
Colombo
Wednesday, April 30, 2025

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මිය ගිහින්

- Advertisement -

වැලිකඩ පොලිසිය විසින් අප්‍රේල් මස පළමුවැනිදා සැකපිට අත්අඩංගුවට ගත් 25 හැවිදිරි සත්සර නිමේෂ් නමැති තරුණයකු මිය ගොස් තිබෙනවා.

පොලිසිය තුළදී සිදු වූ වධහිංසා මේ මරණයට හේතුව බවට එම තරුණයාගේ ඥාතීන් චෝදනා කරනවා.

මෙම තරුණයා පෞද්ගලික රෝහලක සේවය කර බදුල්ල – මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

පසුගිය (01)වනදා රාජගිරිය ප්‍රදේශයේ බෝඩිමක් සොයාගෙන යන අතරතුර කිසියම් පිරිසක් ත්‍රීරෝද රථයකින් ඔහුව ලුහුබැඳගෙන ගොස් තිබුණා.

ඉන් බියට පත් වූ අදාළ තරුණයා අසළ පිහිටා තිබූ නිවසකට දිව ගොස් ඇති අතර එහි සිටි පිරිස සොරෙක් යැයි සිතා ගස් බැඳ ඉන් අනතුරුව පොලිසියට දැනුම්දී තිබෙනවා.

වැලිකඩ පොලිසියේ අත්අඩංගුවට පත් වූ ඔහු එදින එනම් පසුගිය (01)වනදා සිය මවට ඇමතුමක් ගෙන පොලිස් නිලධාරින් විසින් තමන්ට හිරිහැර කරන බවට දැනුම්දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා මහතා විසින් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක්ද යොමු කර තිබෙනවා.

නීතිඥ සේනක පෙරේරා මහතා,

“මේ තරුණයා පොලිස් අත්අඩංගුවේ සිටියදී විවිධ වධහිංසාවලට ලක් වූ බව තමයි ඔහුගේ මව සහ අනෙකුත් තොරතුරු අනුව හෙළිදරව් වෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් 02 වැනිදා මේ තරුණයා මිය ගොස් ඇති බවට මවට ආරංචි වෙනවා. මව පොලිසියට පැමිණෙනවිට එතකොට ශරීරය රෝහලට අරන් ගිහින් ඉවරයි. තවදුරටත් සොයාබැලීමේදී ඒ තරුණයා ඇඳගෙන හිටිය ඇඳුම පවා පොලිසිය විසින් හංගලා. ඩෙනිම කුණු කූඩයකට දාලා. ඒ තරුණයා භාවිත කළ දුරකතනය විනාශ කරන්න කටයුතු කරලා තියෙනවා. මේ සෑම සිද්ධියකින්ම තේරෙන්නේ, යම් දෙයක් හංගන්න උත්සහ කරපු බවයි. සියදිවි නසාගැනීමක් කියලා තමා පොලිසිය විසින් අම්මාට කියලා තියෙන්නේ. කොහොම වුණත් මේ වනවිට මුල්ලේරියාව මානසික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙනවා. වෛද්‍ය පරීක්ෂණයත් එක්ක මොකද වුණේ කියලා අපිට දැනගන්න පුළුවන්. රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී තරුණයා බොහෝම බරපතල තත්ත්වයක හිටියේ, ශරීරයේ උණුසුම විතරයි තිබුණේ කියලා මවට වෛද්‍යවරයා කියලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනා VIP පෝලිමෙන් පනස් හයදාහක් ගිහින් – සමන් රත්නප්‍රිය

දළදා වැඳීමට ප්‍රභූවරුන්ගේ පෝලිම්වලින් 56,000 ක පිරිසක් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය පුරවැසියෙකුට...

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

මාස 6ට කරපුවා අහද්දි අපි ලොක් වෙනවා – ඇමති වටගල

ජාතික ජන බලවේග ආණ්ඩුව ගතකළ මාස හයක කාලයේදී ඊට පෙර වසර හැත්තෑ හයක කාලසීමාවට වඩා වැඩි වැඩ කොටසක් ඉටුකර ඇති බව නියෝජ්‍ය ඇමති සුනිල්...

POPULAR ARTICLES

දළඳා වන්දනා VIP පෝලිමෙන් පනස් හයදාහක් ගිහින් – සමන් රත්නප්‍රිය

දළදා වැඳීමට ප්‍රභූවරුන්ගේ පෝලිම්වලින් 56,000 ක පිරිසක් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය පුරවැසියෙකුට...

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

චීනයේ අවන්හලක ගින්නක් – 22 ක් මරුට

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හදුනාගෙන...