26 C
Colombo
Monday, April 28, 2025

පෙට්‍රල් බෝම්බ ගැසූ පුද්ගලයින් දෙදෙනකු කොටු

- Advertisement -

පසුගිය 29වැනිදා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 05 හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදුකළ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර, කෝන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක සහ 25ක තරුණයින් දෙදෙනෙක්.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් ඉකුත් 29 වැනිදා රාත්‍රීයේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකර තිබූ අතර, එහිදී එම කාන්තාව තුවාල ලබා තිබූ අතර නිවසේ රූපවාහිනිය නැරඹීම සඳහා පැමිණ සිටී 05 හැවිරිදි පිරිමි දරුවෙකු මියගිය බවයි.

සැකකරුවන් ප්‍රහාරය සඳහා භාවිත කළ යතුරුපැදිය, තවත් පෙට්‍රල් බෝම්බයක් සෑදීමට භාවිතා කළ දෑ සහ ජංගම දුරකථන දෙකක් ද පොලීසිය සොයාගෙන තිබුණා.

කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකරුවන්ට ලැබී ඇත්තේ රුපියල් 5000 ක මුදලක් බවට ද සිදුකල වැඩිදුර විමර්ශනවලදී හෙළිව ඇති බව වැටලීමට එක්වූ නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ වීමර්ශන ඒකකය වඩීදුර වීමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ගුවන් පාලමක් රජයට මිලියන 400ක් පාඩු කරලා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව...

සමාජ මාධ්‍ය ගිණුම් 6කට අධිකරණයෙන් නියෝගයක්

අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ...

සජිත්ට පුලුවන් නම් සීලරතන හාමුදුරුවොන්ටත් පුලුවන් – වසන්ත සමරසිංහ

ජනතාව ලබාදුන් කතිරයේ සහ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. මාස 60 කට ජනතාව විසින් ආණ්ඩුවට...

POPULAR ARTICLES

ගුවන් පාලමක් රජයට මිලියන 400ක් පාඩු කරලා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව...

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ හදිසි විදුලි බිඳවැටීමක්

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ අද (28) හදිසි විදුලිය විසන්ධි වීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට වේලාවලින් අද අලුයම පමණ මෙම ඇනහිටීම දිවයින පුරා සිදුවූ ඇති...