30 C
Colombo
Tuesday, April 29, 2025

මාව බන්ධනාගාර රෝහලට දාන්න;දුමින්දගෙන් පෙත්සමක්

- Advertisement -

නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව තමන් ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට සිර මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් ගන්නා ලද පියවර අත්හිටුවා යළි බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආර්. දුමින්ද සිල්වා ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේ දී අද (03) කැඳවනු ලැබුවා.

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම ලබන මැයි 08 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරු මඬුල්ල දින නියම කර තිබෙනවා.

එදිනට පෙර සීමිත විරෝධතා ලිඛිත ව ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් කරුණු තහවුරු කිරීමට අවශ්‍ය දිවුරුම් ප්‍රකාශ ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කෙරුණු බවයි වාර්තා වන්නේ.

සිය සේවාදායකයා වෙඩි ප්‍රහාරයකට ගොදුරුව හිසට බරපතළ තුවාල ලබා ශල්‍යකර්ම කිහිපයකට ද ලක් වූ අයෙකු වන බැවින් යළිත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියා.

මරණ දඬුවම නියම වූ පසු පෙත්සම්කාර ආර්. දුමින්ද සිල්වා මහතා වසර ගණනාවක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂිත නේවාසික වාට්ටුවක ප්‍රතිකාර ලැබුවේ එක්තරා වෛද්‍යවරයෙකුගේ තනි නිර්දේශය මත බවත් මෙලෙස එක් පුද්ගලයෙකුට පමණක් සුවිශේෂී වරප්‍රසාද අනෙක් සිරකරුවන් ද ඉල්ලා සිටීමට ඉඩ ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දුන්නා.

යහමින් මුදල් හා වෙනත් හේතූන් මත ඔහු වැනි පිරිසකට එවැනි සුවිශේෂී වරප්‍රසාද ලබාදීම අනෙක් සිරකරුවන් හා රැඳවියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විය හැකි යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් අවධාරණය කර සිටියා

RECENT ARTICLES - SINHALA

මුතු රාජා ලංකාවට දෙන්නේ නැහැ-තායිලන්තය

දෙහිවල ජාතික සත්වෝද්‍යානය භාරයේ සිටියදී තායිලන්තයට රැගෙන ගිය "මුතු රාජා" නම් ඇතා යළි ශ්‍රී ලංකාවට භාර නොදෙන බව තායිලන්ත රජය දැනුම් දීමක් කර තිබෙනවා. "මුතු...

රෝයල් පාක් නඩුවට මෛත්‍රි වන්දි මුදල ගෙවලා

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාවක් ලබාදීමට ගත් තීරණයෙන් පසු, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද රුපියල්...

පුතා ගෙනා චීන පටස් හැපූ දන්ත වෛද්‍යවරිය දැඩි සත්කාර ඒකකයට

චීන පටස් එකක් හැපීමට ගිය දන්ත වෛද්‍යවරියක් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර වෑකඩ...

POPULAR ARTICLES