26 C
Colombo
Wednesday, April 30, 2025

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ඝාතනයක්

- Advertisement -

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර තිබෙනවා.

උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වනවා.

රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට ඇතිවූ සැකය මත විමර්ශන සිදුකෙරෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ නන්දකුමාර් ශිව නන්දන් නමැති 46 හැවිරිදි රැඳවියෙකු වන අතර ඔහුගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇනීමෙන් ඇතිවූ තුවාල දක්නට ඇති බවත් වාර්තා වනවා.

පසුගියදා බූස්ස බන්ධනාගාරයේ දැඩි සෝදිසි කිරීමක් සිදුවූ අතර එහිදී රවුටර් සහ ජංගම දුරකථක රැසක් සොයාගෙන තිබුණා.

මෙම ඝාතනය සහ එම සිදුවීම අතර සම්බන්ධයක් පවතින්නේදැයි සැකයක් මතුවී ඇති අතර එසේත් නොමැති නම් මත්ද්‍රව්‍ය සිද්ධියක් ඝාතනයට හේතු වන්නට ඇති බවට නිලධාරීන් සැක කරන බවද වැඩිදුරටත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

දේපල වංචාවකට හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට...

POPULAR ARTICLES