26 C
Colombo
Thursday, May 1, 2025

කබ්රාල් ඇතුළු සිව්දෙනාගේ නඩුවට අධිකරණයෙන් තීරණයක්

- Advertisement -

2012 වසරේ ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදීම නඩුවේ මියගොස් සිටින චන්ද්‍රසිරි ජයසිංහ නමැති විත්තිකරු මියගිය බව තහවුරු කිරීම සඳහා සාක්ෂි මෙහෙයවීම සිදුකෙරුණා.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින් සංශෝධනය කරනු ලැබුවා.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසත් නියම කර තිබෙනවා.

2012 වසරේ ග්‍රීසිය ආර්ථිකය අර්බුදයකට ලක්වී තිබෙන බව දනිමින් මෙරට මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට ආසන්න පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

නලින්දගේ කතාවට වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්...

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

POPULAR ARTICLES