26 C
Colombo
Thursday, May 1, 2025

ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනාවලට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමට තීන්දුවක්

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් 53 ක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මහින්ද සමයවර්ධන, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මෙම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට තර්ක කළා.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගන්නා බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරුවරු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මැයි රැළිය වෙනුවෙන් බස් 5,500ක් කොළඹට

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක...

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ...

ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබෙනවා. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ...

POPULAR ARTICLES