30 C
Colombo
Thursday, April 24, 2025

ට්‍රම්ප් පැනවූ බදුවලට කිරිඇල්ලගෙන් යෝජනාවලියක්

- Advertisement -

ඇමරිකානු රජය ශ්‍රී ලංකාව ආනයනය කරන භාණ්ඩවලට පැනවූ බදු සීමා ලිහිල් කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි උපායමාර්ග සඳහන් කරමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණ වේදිකාවේදී රටවල් ගණනාවකට බදු පනවන බවට පූර්ව අනතුරු ඇඟවීම් කළ බවයි.

ඒ අනුව, බොහෝ රටවල් එම අවස්ථාවේ සිටම මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ඇමරිකානු රජය සමඟ සාකච්ඡා ආරම්භ කළ බවත්, එසේ සාකච්ඡා කළ සියලු රටවල් ඇමරිකාවෙන් අඩු බදු ප්‍රතිශත ලබාගෙන ඇති බවත්, ඔහු ප්‍රකාශ කළා.

ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ ප්‍රකාශ කරන අවස්ථාවේදීම ජාතික ජනබලවේග රජයේ විශේෂඥයන්ට ඒ සඳහා සූදානම්වීමට කාලය තිබූ බවත්, ඔවුන් එසේ කල්තියා සූදානම් නොවීම හේතුවෙන් මෙම බරපතල ගැටලුව මතුවූ බවත් ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවට පැනවූ 44%ක බදු අඩු කර ගැනීම සඳහා දැනටමත් ප්‍රමාද නැති බවත්, ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් පත්කර එරට නායකයන් සමග විධිමත් සාකච්ඡා ආරම්භ කළ යුතු බවත් ඔහු යෝජනා කළා.

ඇමරිකාවෙන් මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩවලට නියම කෙරෙන බදු සහ කෘතිම බදු වැටවල් ඉවත් කර නිදහස් වෙළඳ ආර්ථිකයකට ගමන් කිරීමෙන් මෙම ගැටලුව විසඳාගත හැකි අතර, ඇමෙරිකාව වමට බර රටවලට වැඩි බදු ගසා ඇති බව එම බදු ලැයිස්තුව නිරීක්ෂණයේදී පෙනී යන බවද ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

online ටිකට් වංචාව ගැන තවදුරටත් විමර්ශන

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන, වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

ආණ්ඩුවේ හොඳම බොරුව තේරිමේ තරඟය තියන්න පුලුවන් – නලීන් බණ්ඩාර

ආණ්ඩුව විසින් බලය ලබා ගැනීමෙන් අනතුරුවත් බොරු ප්‍රකාශ කරමින් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. ආණ්ඩුවට ඇත්තේ බොරු ප්‍රකාශ කරමින්...

ජනපති මෙරට වතිකාන තානාපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් මෙරට වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළකර...

POPULAR ARTICLES

online ටිකට් වංචාව ගැන තවදුරටත් විමර්ශන

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන, වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

ආණ්ඩුවේ හොඳම බොරුව තේරිමේ තරඟය තියන්න පුලුවන් – නලීන් බණ්ඩාර

ආණ්ඩුව විසින් බලය ලබා ගැනීමෙන් අනතුරුවත් බොරු ප්‍රකාශ කරමින් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. ආණ්ඩුවට ඇත්තේ බොරු ප්‍රකාශ කරමින්...

ඩෙන්මාර්කය , ජර්මනිය යා කරමින් උමං මාර්ගයක්

ඩෙන්මාර්කය සහ ජර්මනිය යා කරමින් උමං මාර්ගයක් ඉදිකිරිමට ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ උමං මාර්ගය බෝල්ටික් මුහුදු පතුල යටින් ඉදිකරන බවයි. කිලෝ මීටර් 18කින්...