28 C
Colombo
Wednesday, April 30, 2025

ඉන්දීය අගමැති මෝදි දිවයිනට

- Advertisement -

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී පිළිගනු ලැබුවා.

මේ වන විට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය එම පරිශ්‍රෙය් ආරම්භ වුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය නරේන්ද්‍ර මෝදි තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා මෙවර සංචාරයේ නිරත වන්නේ, “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමින්.

ඔහු මෙරට සංචාරය කරන සිවු වැනි අවස්ථාව මෙය වන අතර, එහිදී ද්වීපාර්ශ්වීය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතයි.

ඉන්දීය අගමති නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය හේතුවෙන් අනිද්දා පෙරවරු 07.30 ත් 10.30 ත් අතර කාලයේ අනුරාධපුර නගරය, ජය ශ්‍රි මහා බෝධිය සහ අනුරාධපුර දුම්රිය පොළ ආශ්‍රිත ප්‍රධාන මාර්ග වරින් වර වසා තැබීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ අද පස්වරු 06 ත් 10 ත් අතර කාලය තුළ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා දැමීමට සිදුවන බවයි.

මීට අමතරව හෙට දිනයේදී කොළඹ ගාලූමුවදොර, නිදහස් චතුරශ‍‍්‍රය ආශ‍‍්‍රීත ප‍‍්‍රදේශය මෙන්ම, බත්තරමුල්ල අපේගම පරිශ්‍රය ආශ්‍රිත මාර්ග ද වරින් වර වසා තැබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම සංචාරයට එක් වනු ඇති.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය හෙට පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමටත් ද්විපාර්ශ්වික නියෝජිතයින් අතර පැවැත්වෙන හමුවකට සහභාගි වීමටත් සැලසුම් කර තිබෙනවා.

මෙහිදී බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගනු ඇති.

මෙගාවොට් 120ක ධාරිතාවකින් යුත් සාම්පූර් සූර්ය විදුලි බලාගාරය සඳහා මුල්ගල් තැබීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිතයි.

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය හා ඉන්දීය පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5,000ක වහල මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමත් මෙම සංචාරය අතරතුර සිදුවනු ඇති.

එසේම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමටත්, ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ඉදි කළ මහව -අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය නිම කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනිද්දා පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

දේපල වංචාවකට හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට...

POPULAR ARTICLES

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

දේපල වංචාවකට හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට...