32 C
Colombo
Tuesday, April 29, 2025

රේගුවෙන් රිංගූ තවත් මෝටර් රථ 12ක් අල්ලස් කොමිසමට 

- Advertisement -

රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලට අදාළව තවත් වාහන 12ක් කොමිෂන් භාරයට ගෙන තිබෙනවා.

මෙම වාහන රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් දූෂණ අක්‍රමිකතා සිදු කිරීම සම්බන්ධව චෝදනා යටතේ අල්ලස් කොමිසම භාරයට ගෙන තිබුණා.

ඒ අනුව ජීප් රථයක්, මිට්ෂුබිසී මොන්ටේරෝ ජීප් 06ක්, ටොයොටා ජීප් රථ 03, ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් රථ 01, නිශාන් ඩබල් කැබ් රථයක් කොමිෂන් භාරයට ගෙන තිබෙනවා.

මෙම දූෂණ අක්‍රමිකතාවයන් සිදු වූ ආකාරය සහ එයින් රජයට ඇති වූ අලාභය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද මගින් මේ වන විට කොමිෂන් සභාව විසින් පරීක්ෂණ මෙහෙයවමින් පවතින බවද එම කොමිසම පවසනවා.

එමෙන්ම මීට පෙරද රජයට රුපියල් 597,189,323ක අලාභයක් සිදු කරමින් අනීතිකව ලියාපදිංචි කළ වාහන 15ක් ද කොමිෂන් සභාව භාරයට ගෙන ඉදිරි පරීක්ෂණ සඳහා රේගුව වෙත භාර දී ඇති බවත් අල්ලස් කොමිසම සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. 

RECENT ARTICLES - SINHALA

රජයේ සමාගම් ප්‍රතිව්‍යුහකරණයට කෙටුම්පතක්

රජය සතු සමාගම් ප්‍රතිව්‍යුහකරණය සඳහා නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. අද (29) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ...

පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක්

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී තිබෙනවා. 2023-2042 දිගුකාලීන ජනන ව්‍යාපෘති...

සෞඛ්‍ය අමාත්‍යංශයේ බඳවා ගැනීම්වල විභාගේ ප්‍රථිපළ එන දවස ගැන ඉඟියක්

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව...

POPULAR ARTICLES