30 C
Colombo
Friday, April 25, 2025

කිසිදු දේශපාලඥයෙකුට මීනිමරන්න ඕන වුණේ නැහැ-ලාල්කාන්ත

- Advertisement -

චෝදනාවක් ඇත්නම් නිසි පරිදි අදාළ ආයතන මඟින් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නීතිමය ක්‍රියාවලියට යන බව අමාත්‍ය ‍කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

තවද බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ද කටයුතු කරන්නේ එම ආකාරයෙන්ම බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

බටලන්ද යනු එක යුගයක් බවත්, එහිදී ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කළ බවත්, එවක ආණ්ඩුවේ ක්‍රියා කලාප‍යට එරෙහිව දේශපාලන පක්ෂ මැදිහත් වූ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන් අනතුරුව පක්ෂ තහනම් කළ නිසා එම පක්ෂ යළිත් ඒවාට විරුද්ධව මැදිහත් වූ බවත්, දෙපැත්තෙන්ම එකට එක සිදු කරමින් තත්ත්වය වර්ධනය වූ බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ලංකාවේ කිසිදු දේශපාලඥයෙකුට හෝ දේශපාලන පක්ෂයකට මිනීමැරීමේ අවශ්‍යතාවයක් පැවති බවට තමා විශ්වාස නොකරන බව පැවසු ලාල්කාන්ත මහතා ඒවා රටේ වර්ධනය වූ තත්ත්වයන් මත ඇතිවූ ඒවා බව සඳහන් කළා.

නමුත් එම තත්ත්වයන් තුළ ද කටයුතු කළ යුත්තේ නීත්‍යානුකූල ආකාරයෙන් බවයි ඔහු තවදුරටත් පවසා සිටියේ.

යම්කිසි පුද්ගලයෙක් මිනීමරුවෙක් බවට චෝදනා එල්ලවන විට ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කටයුතු කිරීම හා පරීක්ෂණ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බවත්, රජයකට එහිදී නිහඬව සිටීමට නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දේ පරදිනවා කියලා මාලිමාව දන්නවා – රනිල්

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතනවලට මුදල් ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරනුයේ මෙවර මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවෙග ආණ්ඩුව පරාජය...

දෙවිනුවර ද්විත්ව ඝාතනයේ තවත් සැකකරුවෙක් මාට්ටු

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිටදී පසුගිය මාර්තු 21 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන...

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ යතුරුපැදිකරු අත්අඩංගුවට

අනුර විදානගමගේ (කජ්ජා) හා ඔහුගේ දරුදෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසල වෙඩි හුවමාරුවක්

ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසලදී පාකිස්තානය සිදුකළ වෙඩි තැබීමටක ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව වෙඩි තැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක්...