26 C
Colombo
Monday, April 28, 2025

මෝදිගේ ලංකා සංචාරය: අද වැසෙන පාරවල් ගැන රියදුරන්ට දැනුම්දීමක්

- Advertisement -

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල සංචාරය හේතුවෙන් අද(05) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය නිවේදනය කරනවා.

පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිනයේ ගමන් කිරීමට නියමිත ඇතැම් මාර්ග වසා දැමෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

ගාලු මුවදොර සිට නිදහස් චතුරශය දක්වා, ගාලු මුවදොර සිට ජනාධිපති මන්දිරය දක්වා සහ ගාලු මුවදොර සිට පැලවත්ත අපේගම පරිශ්‍රය දක්වා මෙලෙස මාර්ගයන් වසා තැබීමට නියමිතයි.

අද (5) ගාලු මුවදොර සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීම

මාර්ගය වසා තැබීම – ගාලු මුවදොර සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ගමන් කිරීමට නියමිත අතර පැය 0800 සිට ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණෙන තුරු ගාලු මුවදොර වටරවුම, ගාලු පාර කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය මාකස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, ඇල්බට් ක්‍රසන්ට්, නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් මාවත, නිදහස් වටරවුම නිදහස් චතුරශ්‍රය දක්වා මාර්ගයන් වසා තැබෙන අතර එම කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.

විකල්ප මාර්ග – කොළඹට ඇතුළු වන වාහන තුම්මුල්ල, බෞද්ධාලෝක මාවත, විජේරාම හන්දියෙන් වමට,හොර්ටන් විජේරාම, ඇස් වාට්ටුව හරහා කොළඹ දෙසට ගමන් කළ හැක.

කොළඹින් පිටවීම – ධර්මපාල මාවත, ඇස් වාට්ටුව, හෝර්ටන් වට රවුමෙන් වමට හැරී බෞද්ධාලෝක මාවත ඔස්සේ පිටවීම.

ගාලු මුවදොර සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම

මාර්ගය වසා තැබීම – ගාලු මුවදොර සිට ගාලු මැද පාර , ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගරු අග්‍රාමාත්‍ය තුමා ගමන් කිරීමට නියමිත අතර එම මාර්ගය පැය 0900 සිට ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණෙන තුරු වසා තැබෙන අතර එම කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.

විකල්ප මාර්ග – කොළඹට ඇතුළු වන වාහන කොල්ලුපිටිය හන්දියෙන් පිත්තල හන්දියෙන් වමට හැරි ගංගාරාමය හරහා කොම්පඤ්ඤ වීදිය හන්දිය, සෙරමික් හන්දිය, කොළඹට ඇතුළු විය හැක.

කොළඹින් පිටවන වාහන සඳහාද එම මාර්ගය භාවිතා කිරීමට හැකියාව ඇත.

ගාලු මුවදොර සිට පැලවත්ත අපේගම පරිශ්‍රය දක්වා ගමන් කිරීම

මාර්ගය වසා තැබීම – ගාලු මුවදොර සිට ගාලු මැදපාර පැලවත්ත අපේ ගම පරිශ්‍රය දක්වා ගරු අග්‍රාමාත්‍යතුමා ගමන් කිරීමට නියමිත අතර ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, පුස්තකාල හන්දිය, ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ වටරවුම, හෝර්ටන් කිංසි හන්දිය, ඩඩ්ලි සේනානායක මාවත, ඩී.එස් හන්දිය, මොඩල් ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය,ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය, පොල්දූව හන්දිය, පාර්ලිමේන්තු මාර්ගය පැලවත්ත අපේගම පරිශ්‍රය දක්වා පැය 1600 සිට එම මාර්ගයන් වසා තැබීම හා ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණීම දක්වා එම මාර්ගයන්හි ප්‍රභූවරයා ඇතුළු රථ පෙල පසු කරනු ලබන මංසන්ධි අනුව පිළිවෙලින් එම මාර්ගයන් විවෘත කිරීම සිදු කරනු ලබයි.

විකල්ප මාර්ග 

කොළඹින් පිටවීම – බණ්ඩාරනායකපුර හන්දිය, කොටා පාර ඔස්සේ බුත්ගමුව අඹගහ හන්දියෙන් දකුණට හැරී කොස්වත්ත හන්දියෙන් කඩුවෙල දෙසට

පරණ කොටාපාර ඔස්සේ වැලිකඩ හන්දිය, නාවල පාර ඔස්සේ හයිලෙවල් මාර්ගයට

කොළඹට ඇතුළුවීම – පැලවත්ත, පාලංතුන මංසන්ධියෙන් දකුණට හැරී කොස්වත්ත මාර්ගයේ

අඹගහ හන්දියෙන් දකුණට හැරී අයි.ඩී.එච් හරහා පරණ අවිස්සාවේල් මාර්ගයෙන් කොළඹට ඇතුල්විය හැක.

ගාලු මුවදොර සිට ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීම

මාර්ගය වසා තැබීම – ගාලු මුව දොර සිට ජනාධිපති මන්දිරය දක්වා ගරු අග්‍රාමාත්‍යතුමා ගමන් කිරීමට නියමිත අතර ගාලු මැද පාර, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මන්දිරය දක්වා පැය 1800 සිට ගරු අග්‍රාමාත්‍යතුමා නැවත පැමිණෙන තුරු එම මාර්ගය වසා තැබෙන අතර එම කාලය තුළ පහත විකල්ප මාර්ග භාවිතා කළ හැක.

විකල්ප මාර්ග – කොල්ලුපිටිය හන්දියෙන් පිත්තල හන්දියෙන් වමට හැරී ගංගාරාමය හරහා කොම්පඤ්ඤවීදිය හන්දිය, සෙරමික් හන්දියෙන් කොළඹට ඇතුළු වියහැක.

කොළඹින් පිටවන වාහන සඳහා ද එම මාර්ගය භාවිතා කිරීමට හැකියාව ඇත.

එම රථවාහන සැලැස්ම පහතින්,

RECENT ARTICLES - SINHALA

සමාජ මාධ්‍ය ගිණුම් 6කට අධිකරණයෙන් නියෝගයක්

අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ...

සජිත්ට පුලුවන් නම් සීලරතන හාමුදුරුවොන්ටත් පුලුවන් – වසන්ත සමරසිංහ

ජනතාව ලබාදුන් කතිරයේ සහ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. මාස 60 කට ජනතාව විසින් ආණ්ඩුවට...

නිල ජන්ද පත්‍රිකා 90% බෙදා අවසන් – තැපැල් දෙපාර්තමේන්තුව

පළාත් පාලන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 90 කට වැඩි ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇතැයි, තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා...

POPULAR ARTICLES

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ හදිසි විදුලි බිඳවැටීමක්

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ අද (28) හදිසි විදුලිය විසන්ධි වීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට වේලාවලින් අද අලුයම පමණ මෙම ඇනහිටීම දිවයින පුරා සිදුවූ ඇති...

සමාජ මාධ්‍ය ගිණුම් 6කට අධිකරණයෙන් නියෝගයක්

අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ...

සජිත්ට පුලුවන් නම් සීලරතන හාමුදුරුවොන්ටත් පුලුවන් – වසන්ත සමරසිංහ

ජනතාව ලබාදුන් කතිරයේ සහ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. මාස 60 කට ජනතාව විසින් ආණ්ඩුවට...