වත්මන් ආණ්ඩුව තුළ සිටින ඇතැම් ඉහල නිලධාරීන්ට එරෙහිව ඉතා ඉක්මනින් නඩු පවරන බව අල්ලස්ස දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්, හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ලබන 09 වනදා එළි දැක්වීමට නියමිත දුෂණ විරෝධී ජාතික සැලැස්ම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පසුගියදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
ජෙනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එහි අණපනත් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී සැලකිලිමත් වන ලෙස දේශපාලනඥයින්ට දැනුම් දී ඇති බවයි.
එසේම කොමිසම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කළහොත් ඊට අදාලව නඩු පැවරිය හැකි බවද ඔහු අවධාරණය කළා.
“1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පත් කළේ. ඒ කොමිෂන් සභා පනත සහ 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත අතර විශාල වෙනස් කමක් තියෙනවා, 94 , 19 පනත මඟින් අල්ලස් කොමිසමට බලය ලබා දීලා තියෙන්නෙ අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් වැරදි විමර්ශනය කරන්න සහ නඩු කටයුතු පවත්වාගෙන යන්න. නමුත් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත ඊට වඩා විශාල පුළුල් පරාසයක් සහිත පනතක්, ඒ නිසා තවදුරටත් අල්ලස් කොමිසම විමර්ශනය කරන හෝ නඩු කටයුතු පවත්වා ගැනීමට කටයුතු කරන ආයතනයක් නොවෙයි….මේ කොමිෂන් සභාවට වෙනම සේවකයින් පිරිසක් අවශ්‍ය කරනවා. දේශපාලන පළිගැනීම් කතාවලට අල්ලස් කොමිසම ගාවගන්න එපා”