28 C
Colombo
Tuesday, April 29, 2025

ට්‍රම්ප්ගේ බද්දේ වැඩි බලපෑම ඇඟලුම් ක්ෂේත්‍රයට ද?

- Advertisement -

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය අනුව මෙරට ඇඟලුම් කාර්මාන්තයට වැඩි බලපෑමක් සිදුව ඇත්තේ මෙරටින් වැඩි ප්‍රමාණයක් අපනයනය වන්නේ ඇඟළුම් ක්ෂේත්‍රයේ නිශ්පාදන බැවින් බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (06) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යි.

අදාළ ආනයන බදු ප්‍රතිපත්තිය මෙරටින් අමෙරිකාවට අපනයනය කරන සියලුම භාණ්ඩ සඳහා අදාළ වන බව අමාත්‍යවරයා  මෙහිදී පැහැදිලි කළා.

එමෙන්ම අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සහ ඒ අශ්‍රයෙන් මෙරටට බලපා ඇති ගැටළු පිළිබඳව මෙරට සංචාරයේ නිරතව සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන්, රජය පාර්ෂවයෙන් විසඳුමක් ඉල්ලා සිටි බවත් එහිදී යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ,

“ඇත්තටම  වැඩිපුරම බලපැමක්වෙලා තියෙන්නේ ඇඟලුම් කාර්මාන්තයට තමයි. නමුත් අපි අමෙරිකාවට යවන සියලුම භාණ්ඩවලට මේක බලපානවා. ඇඟලුම් වලට පමණක් නොවෙයි. ඇඟලුම් වලට එන බර වැඩි වෙනවා මොකද අපේ අපනයන වලින් විශාල ප්‍රමාණයක් ඇඟළුලුම්. ප්‍රධාන නිෂ්පාදන කාණ්ඩ 5 ගත්තාම 80%යි. ඒ නිසා තමයි අපි විශේෂ අවධානයක් යොමු කරනවා මේ සාකච්ඡා යන ගමනුත් අර තෝරා ගත්ත ක්ෂේත්‍ර 5 ඇඟලුම්, රබර්, කෙමිකල්, ආහාර නිෂ්පාදන කාර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කරන්න. ඒ කණ්ඩායම් දැනටමත් අපේ තාක්ෂණික කමිටුවේ සිටිනවා. සෑම විකල්පයක්ම අපි අධ්‍යනය කරනවා දැනටමත් “

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේන බව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

මාස 6ට කරපුවා අහද්දි අපි ලොක් වෙනවා – ඇමති වටගල

ජාතික ජන බලවේග ආණ්ඩුව ගතකළ මාස හයක කාලයේදී ඊට පෙර වසර හැත්තෑ හයක කාලසීමාවට වඩා වැඩි වැඩ කොටසක් ඉටුකර ඇති බව නියෝජ්‍ය ඇමති සුනිල්...

ඇමති නලින්ද කියන්නේ බොරු – රනිල්ගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

ජූඩ් සිංගප්පුරුවේ නැහැ-අධිකරණයට දැනුම්දීමක්

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව පසුව ජනාධිපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්ත නැමති විත්තිකරු මේ වන විට සිංගප්පූරුවේ නොමැති බව එරට බලධාරීන්...

POPULAR ARTICLES

චීනයේ අවන්හලක ගින්නක් – 22 ක් මරුට

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හදුනාගෙන...

මාස 6ට කරපුවා අහද්දි අපි ලොක් වෙනවා – ඇමති වටගල

ජාතික ජන බලවේග ආණ්ඩුව ගතකළ මාස හයක කාලයේදී ඊට පෙර වසර හැත්තෑ හයක කාලසීමාවට වඩා වැඩි වැඩ කොටසක් ඉටුකර ඇති බව නියෝජ්‍ය ඇමති සුනිල්...

ඇමති නලින්ද කියන්නේ බොරු – රනිල්ගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන්...