29 C
Colombo
Wednesday, April 30, 2025

වැලිකඩ පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කිරිමේ සූදානමක්

- Advertisement -

වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වෙත අද (06) යොමුකර තිබෙන බවයි පැවසෙන්නේ.

මීට අමතරව මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැරහරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම මස ඉකුත් 01වනදා රාත්‍රියේ දී නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම තරුණයා අත්අඩංගුවට ගැනිමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව රෝහල් ගත කළ බවත් ඉන්පසු ඔහු මියගිය බවත් පොලිසිය පැවසුවා.

එම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙලෙස  වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීම මෙම නිර්දේශ වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත්කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

කොළඹ වරායේ ඉන්දියානු යුධ නැව් සහ සබ්මැරීන් කර්මාන්ත ශාලාවක් ඇරඹීමේ සූදානමක්

0
කොළඹ වරාය තුළ ඉන්දියාව විසින් යුධ නැව් සහ සබ්මැරීන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසනවා. ආණ්ඩුව...

මහ බැංකුවට දැවැන්ත ලාභයක්

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. අදාළ වර්ෂය තුළ දී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල...

රාජ්‍ය සේවකයින් ‍රැසක් විශේෂ නිවාඩු අරන්

මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින අතර ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු...

POPULAR ARTICLES