29 C
Colombo
Wednesday, April 30, 2025

තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑලට

- Advertisement -

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක මහතා සඳහන් කළේ, අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව අනෙකුත් පළාත් පාලන ආයතනයන්හි තැපල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑල වෙත භාරගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.
 
අද පස්වරුවේ හෝ හෙට (08) දිනයේදී අදාළ පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු ආරම්භ කරන බව ඔහු පැවසුවා.

මේ අතර, සියලු පළාත් පාලන ආයතනවලට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසන අතර මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදුන් බවයි.

RECENT ARTICLES - SINHALA

රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවක් දෙදෙනෙක් රෝහලට

හපුතලේ - වැලිමඩ මාර්ගයේ අශෝකාරමය විහාරස්ථානය අසලදී සිදුවූ රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා...

මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා-රනිල්

ගාලුමුවදොර පිටිය දේශපාලන වැඩසටහන්වලට යොදා නොගැනීමට සියලු දේශපාලන පක්ෂ එකඟතාවකට එළැඹ තිබියදී ජාතික ජන බලවේගය මැයි රැලිය පැවැත්වීමට එම පිටිය යොදා ගැනීමෙන් පෙර එකඟතාව...

මාර්තුවේ නිල විදෙස් සංචිතයේ වර්ධනයක්

මාර්තු මාසය අවසන් වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු...

POPULAR ARTICLES

රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවක් දෙදෙනෙක් රෝහලට

හපුතලේ - වැලිමඩ මාර්ගයේ අශෝකාරමය විහාරස්ථානය අසලදී සිදුවූ රිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා...

පාකිස්තානයට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් අවසර

පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබෙනවා. ඒ පසුගියදා කාශ්මීරයේ දී එල්ල වූ...