25 C
Colombo
Tuesday, April 29, 2025

සෞදි අරාබියෙන් තාවකාලික වීසා තහනමක්

- Advertisement -

සෞදි අරාබිය බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවත් සඳහන් ය.

වීසා තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනයයි.

මෙම තාවකාලික සීමාව පිටුපස ඇති ප්‍රධාන හේතු කිහිපයක් සෞදි නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

සෞදි නිලධාරීන් සඳහන් කරන්නේ, ඇතැම් පුද්ගලයින් සෞදි අරාබියට ඇතුළු වීමට බහු-ප්‍රවේශ වීසා භාවිතා කර ඇති අතර පසුව හජ් සමය දක්වා නීති විරෝධී ලෙස රැඳී සිටින බවයි.

මේ හේතුවෙන් අධික තදබදය සහ ආරක්ෂක අවදානම් වලට එය හේතු වන බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම ව්‍යාපාරික හෝ පවුල් සංචාර වීසා මත ඇතුළු වන බොහෝ පුද්ගලයින් අවසරයකින් තොරව වැඩ කරමින්, වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් සහ ශ්‍රම වෙළඳපොලේ බාධා ඇති කරමින් සිටින බවයි පවසන්නේ.

මේ නිසා හජ් සමයේදී සංචාර නියාමනය කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීමට තාවකාලික වීසා අත්හිටුවීම අදහස් කරන බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

බලධාරීන් වීසා අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නව රෙගුලාසිවලට අනුකූල වන ලෙසයි.

එසේ කිරීමට අපොහොසත් වීමෙන් දඬුවම් ලැබිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගුවන් පාලමක් රජයට මිලියන 400ක් පාඩු කරලා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව...

සමාජ මාධ්‍ය ගිණුම් 6කට අධිකරණයෙන් නියෝගයක්

අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ...

සජිත්ට පුලුවන් නම් සීලරතන හාමුදුරුවොන්ටත් පුලුවන් – වසන්ත සමරසිංහ

ජනතාව ලබාදුන් කතිරයේ සහ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. මාස 60 කට ජනතාව විසින් ආණ්ඩුවට...

POPULAR ARTICLES

ගුවන් පාලමක් රජයට මිලියන 400ක් පාඩු කරලා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව...

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ හදිසි විදුලි බිඳවැටීමක්

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ අද (28) හදිසි විදුලිය විසන්ධි වීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට වේලාවලින් අද අලුයම පමණ මෙම ඇනහිටීම දිවයින පුරා සිදුවූ ඇති...