26 C
Colombo
Wednesday, April 30, 2025

මෝදිගේ මෙරට සංචාරය අතරතුර ඉන්දීය ධීවරයින් 14කට නිදහස

- Advertisement -

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

පසුගිය 05 වනදා ඉන්දීය අගමැති මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවලින් පසුව මෙම නිදහස් කිරීම සිදුකර ඇති බව සඳහන් වනවා.

එමෙන්ම එහිදී ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සහ දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව වාර්තා වනවා.

එහිදී මෝදි මහතා පවසා ඇත්තේ, 

“අපි ධීවරයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මෙම කාරණයේදී මානුෂීය ප්‍රවේශයකින් ඉදිරියට යා යුතු බවට අපි එකඟ වුණා. ධීවරයින්  නිදහස් කිරීම සහ ඔවුන්ගේ බෝට්ටු ආපසු ලබාදීම සම්බන්ධයෙන්ද අවධාරණය කළා.” 

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සිදුකරන තමිල්නාඩු ඉන්දීය ධීවරයින්ව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම සිදුකරන අතර, ඒ අනුව 2025 ආරම්භයේ සිට ඉන්දීය ධීවරයින් 119 දෙනෙකු සහ ධීවර බෝට්ටු 16 ක් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

සාකච්ඡාවලින් පසුව පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා පවසා අත්තේ, ශ්‍රී ලංකා බලධාරීන් ධීවරයින් 11 දෙනෙකු ඉක්මනින් නිදහස් කිරීමට තීරණයක් ගෙන ඇති බවත්, ඉදිරි දිනවලදී තවත් කිහිප දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙම ගැටලුව දෙපාර්ශ්වය අතර සැලකිය යුතු ලෙස විස්තරාත්මකව සාකච්ඡා කරන ලද විෂයයක් බවත් අවසානයේ දෙපාර්ශ්වයේම ධීවරයින්ගේ ජීවනෝපායට බලපාන ගැටළු වන බැවින් ඊට අවශ්‍ය සහයෝගීතාවය සඳහා මානුෂීය හා ඵලදායී ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බවයි.

RECENT ARTICLES - SINHALA

නලින්දගේ කතාවට වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්...

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

POPULAR ARTICLES