29 C
Colombo
Friday, April 18, 2025

Breaking : කොළඹ නගර සභා ඡන්දය කැන්සල්

- Advertisement -

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙසේ ඡන්දය පැවැත්වීමේ කටයුතු තහනම් කර ඇත්තේ කොළඹ නගර සභාව, හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩපළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයකයි.

ඒ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ රීට් පෙත්සම් විභාගයට අවසර ලබා දෙමින්.

අදාළ පෙත්සම් ගොනු කර තිබුණේ දේශපාලන කණ්ඩායම් කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින්.

මෙම තීන්දුවට එරෙහිව වගඋත්තරකරුවන්ට විරෝධතා ඇතිනම් මැයි 05 දිනට පෙර ඒවා ඉදිරිපත් කරන ලෙසත් මැයි 07 දිනට පෙර පෙත්සම්කරුවන්ට ඊට ප්‍රතිවිරෝධතා ඇත්නම් ගොනු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දු කළා.

 ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වැනිදා පැවැත්වීමටද දින නියම කෙරුණා.

එදින තෙක් අදාළ අතුරු නියෝගය බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වනවා.

නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගතවු කාලය තුළ ඇක්සිඩන්ට් වලින් 713 මියගිහින්

වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු මියගොස් තිබෙනවා පොලිසිය සදහන් කළේ එම පුද්ගලයින් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 685...

T56 ජීවඋණ්ඩ 50ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබෙනවා. එම සැකකරු ඉකුත්...

දසුන් ශානකට IPL දොරටු විවෘත වෙයි

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට...

POPULAR ARTICLES

ගතවු කාලය තුළ ඇක්සිඩන්ට් වලින් 713 මියගිහින්

වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු මියගොස් තිබෙනවා පොලිසිය සදහන් කළේ එම පුද්ගලයින් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 685...

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමක්. දෙදෙනෙක් මරුට

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලැබුවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි තැබීම සිදු...