29 C
Colombo
Wednesday, April 30, 2025

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්

- Advertisement -

පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව තීරණය කර තිබෙනවා.

මෙසේ කල් ලබා දී ඇත්තේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභා වලින් ලබා දුන්, ක්‍රියාත්මක නොවුණු නිර්දේශද ක්‍රියාත්මක කිරීමටයි.

 අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී, කාරක සභාව මගින් ප්‍රමුඛතාවය ලබාදී සමාලෝචනය කළ යුතු, ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ මොනවාද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති අතර  මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් 09 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ලබාදුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණය වී තිබුණා.

ඒ අනුව,  ක්‍රියාත්මක නොවුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපි යොමු කිරීමටත්, මසක් තුළ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකිනම් ඊට හේතු කාරණා, ලිඛිතව කාරක සභාව වෙත ලබාගැනීමටත් තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

iPhone කිහිපයකට WhatsApp නැතිවෙයි

එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බවට වාර්තාවනවා. ඒ අනුව Apple මාදිලිවල...

කොළඹ වරායේ ඉන්දියානු යුධ නැව් සහ සබ්මැරීන් කර්මාන්ත ශාලාවක් ඇරඹීමේ සූදානමක්

0
කොළඹ වරාය තුළ ඉන්දියාව විසින් යුධ නැව් සහ සබ්මැරීන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසනවා. ආණ්ඩුව...

මහ බැංකුවට දැවැන්ත ලාභයක්

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. අදාළ වර්ෂය තුළ දී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල...

POPULAR ARTICLES