28.6 C
Colombo
Thursday, November 14, 2024

රාගම රෝහලේ වෛද්‍යවරිය ඇඳුම් මාරු කරන ඡායාරූප ලබා ගත් ජාතික රෝහලේ වෛද්‍යවරයා රිමාන්ඩ්

- Advertisement -

රාගම රෝහලේ කාන්තා වෛද්‍යවරියකගේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී ඇත්තේ සමන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වෛද්‍යවරයෙකි.සැකකරුගේ ජංගම දුරකථනය ද පොලිසිය භාරයට ගෙන ඇත.මීට මාස කිහිපයකට ඉහත දී ඔහු රාගම රෝහලට සම්බන්ධ වී ඇති අතර එහි දී වෛද්‍යවරියක ඇඳුම් මාරු කරනු ලබන අවස්ථාවක ඇගේ ඡායාරූප ලබා ගෙන ඇත.

සැකකරුට එරෙහිව මෙවැනිම තවත් පැමිණිලි දෙකක් ද පොලිසියට ඉදිරිපත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දෙන්න ආපු ජනපති අනුර

ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද...

මැතිවරණය ආවරණය කරන්න ගිය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ මැතිවරණ ආවරණයට ගොස් සිටියදී මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙසේ ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ දමිළ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයත කිහිපයක ප්‍රාදේශීය...

තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්​භ කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.

POPULAR ARTICLES