පේරාදෙණිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතත් ඔහුට වෛරසය ආසාදනය වු ආකාරය මෙතෙක් සොයාගෙන නැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා පේරෙදෙණිය පොලිසියේ රථවාහන අංශයට අනියුක්තව රාජකාරි කර ඇත. කෙසේ වෙතත් පේරාදණිය පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි කරන තවත් නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර පේරොදෙණි පොලිසියේ නිලධාරීන් රැසක් නිරෝධායනයට යොමු කර ඇති බවත් වාර්තා වේ.