කිරුලපන ග්රාම නිලධාරී කාර්යාලය අසල දී උප පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන්නේයැයි සැකපිට 37 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලිසිය පවසයි.
රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට ග්රාම නිලධාරී කාර්යාලයට පැමිණි පුද්ගලයකු මෙලෙස උප පොලිස් පරීක්ෂකවරයාට පහර දුන් බව පොලිසිය පවසන අතර මුහුණු ආවරණ නැතිව මෙම පුද්ගලයා පැමිණි බවත්, ඒ් අනුව ඔහුට මුහුණු ආවරණයක් පැළඳ ගන්නා ලෙස උප පොලිස් පරීක්ෂකවරයා අවවාද කර ඇති බවත්, එම අවස්ථාවේ අත්අඩංගුවට ගත් පුද්ගලයා අදාල නිලධාරියාට පහර දී ඇති බවත් පොලිසිය පවසයි.