30 C
Colombo
Friday, October 25, 2024

නීතිපති සූදානම් නෑ – ශක්තිකගේ පෙත්සම කල් යයි

- Advertisement -

කෙටිකතාවක් ලිවීම නිසා අත්තනෝමතික ලෙස සිරගත කිරීමට එරෙහිව ලේඛක ශක්තික සත්කුමාර විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 26 දින දක්වා කල් ගියේය.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊට සූදානම් වීම සහ ලියකියවිලි සකස් කිරීම සඳහා අද (15) කරන ලද ඉල්ලීමක් නිසා ය.

මේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, පොලිස්පති සහ පොල්ගහවෙල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇත.

ඔහු ලියූ අර්ධ නම් කෙටිකතාව පදනම් කරගෙන පොල්ගහවෙල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සංවිධානයක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, 2019 අප්‍රේල් 01 දා ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගන්නා ලදි.

ඔහුට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනත යටතේ චෝදනා ගොනුකරන ලද අතර, එම නිසා ඔහුට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගැනීමට තිබූ අවස්ථාව ද අහිමි විය.

මාස හතරක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහුට කුරුණෑගල මහාධිකරණයෙන් 2019 අගෝස්තු 05 දා ඇප ලැබිණි.

2021 ජනවාරි 25දා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් පදනම් කරගෙන, ශක්තික සත්කුමාර අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින අතර, ඔහු නියෝජනය කරමින් අද නීතිඥවරුන් වන පුලස්ති හේවාමාන්න, සංජීව කළුආරච්චි සහ සංජය විල්සන් ජයසේකර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියහ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාවේ සැලකියයුතු ප්‍රගතියක් – IMF

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්...

ගුවන්තොටුපොළවල ආරක්ෂාව ගැන නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය කරනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ...

හාල්වලින් අසාධාරණ ලාභ ගන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ – ජනපති

සහල් පාලන මිල වැඩි කරමින්, අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු තවදුරටත් පවසා ඇත්තේ සහල් වෙළඳපොළ...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...