කළුතර උතුර ජනරජ නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවීමෙන් අනතුරුව එම නිවාස සංකීර්ණය හුදෙකලා කළ බව කළුතර-උතුරු පොලිසිය පවසයි.
නොවැම්බර් 19 වන දින සිදු කළ අහඹු පීසීආර් පරීක්ෂණයක් මගින් අදාල කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර නිවාස 64 කින් පමණ සමන්විත මෙම නිවාස සංකීර්ණයේ සෙසු පිරිසගේද පීසීආර් පරීක්ෂණ සිදුකරන තුරු මෙම සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
හුදෙකලා කරන ලද නිවාස සංකීර්ණයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.