නන්ද මෝටර්ස් ඉදිරිපිට සිදු වු අනතුර නිසා කතාබහට ලක් වූ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට මාරු කර යවා ඇත.
නොවැම්බර් 16 දින කොළඹ නොළුම් පොකුණ ආසන්නයේ නන්ද මෝටර්ස් වාහන ප්‍රදර්ශන ආයතනය තුළට ටොයෝටා Toyota Land Cruiser V8 වර්ගයේ රථයක් කඩාවැදී අනතුරක් සිදුකර ඇත්තේ ප්‍රදීප් රත්නායක මහතාගේ දියණියයි. අදාල අනතුරෙන් වාහන ප්‍රදර්ශනාගාරයේ තිබූ වාහන කිහිපයකට දැඩිලෙස අලාභහානි සිදුව ඇති අතර අනතුර සිදුකල V8 රථයටද හානි සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් එම අනතුරෙන් පසුව ඇය පදවාගෙන ආ වාහනේ පිටුපස අංක තහඩුව ගැලවීම සහ ඇයට එදිනම ඇප ලබා දීම නිසා සමාජයේ දැඩි කතාබහකට ලක්විය.
වැඩි දුර කියවන්න