29 C
Colombo
Saturday, April 12, 2025

චීනෙන් ගත්ත ණය තොගය

- Advertisement -

ශ්‍රී ලංකාව 2020 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලසීමාවේදී චීනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 914.4ක් ණය වී ඇත. චීනය එම කාලසීමාවේ ප්‍රදාන කිසිවක් ශ්‍රී ලංකාවට ලබා දී නැත.

මෙම තොරතුරු නොවැම්බර් 17 දිනැතිව නිකුත් කළ රාජ්‍ය මූල්‍ය කළමණාකරණ වාර්තාවෙහි සඳහන්ය. එම වාර්තාවට තොරතුරු ලබාගෙන ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙනි.

කෙසේවෙතත් ජපානයද එම කාලසීමාවේදී ඇමෙරිකන් ඩොලර් 9.1ක් ශ්‍රී ලංකාවට ප්‍රදාන වශයෙන් ලබා දී ඇත. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 11ක් ප්‍රදාන වශයෙන් ලබා දී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඩොලර් මිලියන 8ක් ප්‍රදාන වශයෙන් ලබා දී තිබේ.

ඒ අනුව පැහැදිලි වන්නේ චීනය ශ්‍රී ලංකාවට ණයකරුවෙකු කර ඇතත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් අනෙක් පාර්ශ්වයන්ට සාපේක්ෂව වැඩිපුර ප්‍රමාණයක් ප්‍රදාන ලබා දී නොමැති බවය.

ණය ලබාදීම අතින් චීනයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 679ක් ණය ලබගෙන තිබේ. දෙවැනියට ජපානයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 115ක් ලබාගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

ප්‍රවාහන සේවා ගැන තොරතුරු දැනගන්න දුරකතන අංක කිහිපයක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මක වනවා. කෙසේවෙතත් ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ, මේ...

බන්ධනාගාර රැඳවියන්ට නිදාගන්න ශිෆ්ට් එකක්

බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදා ගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසනවා. 2023 වසරේදී නිකුත් කළ...

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 43ක් අත්අඩංගුවට

2025 වසරේ මාර්තු මස 25 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී ලෙස න් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින්...

POPULAR ARTICLES