27 C
Colombo
Wednesday, April 30, 2025

හංසමාලිට දුන්නු පෙට්‍රල් ෂෙඩ් එක ගැන හොයලා බලන්න

- Advertisement -

බලශක්ති අමාත්‍යංශය තමන් හට භාරදෙනු ලැබුවේ ‘සුද්ධ කිරීමට’ බව අමාත්‍යංශයේ වැඩකටයුතු ඇරඹූ අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා තමන් හට පැවසූ බවත් එසේ සුද්ධ කිරීමක් මෙතෙක් සිදුව නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානකියන් මහතා පවසනවා.

රාසමානික්කම් ශානකියන් මහතා මේ බව පැවසුවේ පෙරේදා (20) පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග විවාදය අමතමින්.

ඛණිජ තෙල් සංස්ථාවේ හිටපු අලෙවිකරණ කළමණාකරු සම්බන්ධයෙන් තමන් නඩුවක්ද පවරා ඇති නමුත් ඔහු සම්බන්ධ චෝදනා රාශියක් තිබියදී නැවතත් ඔහුට තනතුරක් ලබාදී ඇති බවයි ඒ මහතා පවසන්නේ.

එමෙන්ම උතුරු වසන්තය සහ නැගෙනහිර වසන්තය යන ව්‍යාපෘති හරහා සිදුව ඇති දූෂණ හා වංචා පිළිබඳවද ඒ මහතා මෙහිදී අදහස් දක්වනු ලැබුවා.

“උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියට දීලා තියෙනවා පෙට්‍රල් ස්ටේෂන් එකක්. මේක ගැන හොයලා බලන්න. මොකද මේ පෙට්‍රල් ස්ටේෂන් එක දීලා තියෙන කට්ටිය, මේකෙ ඉන්න ඩීලර්ස්ලා කවුද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න. මේකෙ එක ඩීලර් කෙනෙක් ඉන්නවා මිසිස් යූ.ජී.ඊ. හංසමාලි කියලා.

හංසමාලි කියලා නම කියපු ගමන් පොඩ්ඩක් හොයලා බලයි දැන්. නෑ, නෑ, ඒ හංසමාලි නෙවෙයි මේ වෙන හංසමාලි කෙනෙක් මං හිතන්නෙ. ඇමතිතුමා මේ ඇමතිතුමාගෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම තමයි නැගෙනහිර වසන්තය යටතේ අපි දන්නවා පිල්ලෙයාන් ඇවිල්ලා එයාට කෝටි ගණන්වල දේපළ හොයාගත්තා. මේකෙ තියෙනවා ඩොකියුමන්ට්. මට වෙලාව මදි.

මේකෙ තියෙනවා ට්‍රේඩ් ලංකා කියලා කම්පැනියක්. මේ ට්‍රේඩ් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියට ඉම්පෝර්ට් කරන්නෙ කවුද කියලා හොයලා බලන්න. මේකට කැබිනට් ඇමතිවරුත් සම්බන්ධයි කියන එකත් මට මෙතන කියන්න පුළුවන්”

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනා VIP පෝලිමෙන් පනස් හයදාහක් ගිහින් – සමන් රත්නප්‍රිය

දළදා වැඳීමට ප්‍රභූවරුන්ගේ පෝලිම්වලින් 56,000 ක පිරිසක් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය පුරවැසියෙකුට...

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

මාස 6ට කරපුවා අහද්දි අපි ලොක් වෙනවා – ඇමති වටගල

ජාතික ජන බලවේග ආණ්ඩුව ගතකළ මාස හයක කාලයේදී ඊට පෙර වසර හැත්තෑ හයක කාලසීමාවට වඩා වැඩි වැඩ කොටසක් ඉටුකර ඇති බව නියෝජ්‍ය ඇමති සුනිල්...

POPULAR ARTICLES

දළඳා වන්දනා VIP පෝලිමෙන් පනස් හයදාහක් ගිහින් – සමන් රත්නප්‍රිය

දළදා වැඳීමට ප්‍රභූවරුන්ගේ පෝලිම්වලින් 56,000 ක පිරිසක් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය පුරවැසියෙකුට...

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

චීනයේ අවන්හලක ගින්නක් – 22 ක් මරුට

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හදුනාගෙන...