වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේ හා කටුනානායක ප්‍රදේශයේ පිහිටා ඇති සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කර ඇත.
මෙම හුදකලා කිරීම් සිදු කර ඇත්තේ අදාල කඳවුරු තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වු නිලධාරීන් 6ක් හමුවීමෙන් අනතුරුව බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය පවසයි. එම නිලධාරීන් අතර සේරුපිට සහ පුත්තලම කඳවුරු දෙකෙන්ද ආසාදිතයන් දෙදෙනෙක් හමුවු බවත් වාර්තා වේ.
මෙම සතිය ආරම්භයේදීදී ගම්පහ ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්ෂක බලකා කදවුරක නිලධාරියෙකුටද කොවිඩ් 19 වෛරසය ආසානය වීමේ හේතුව නිසා ඒම කඳවුරද හුදකලා කළ බවත් වාර්තා වේ.