28 C
Colombo
Sunday, September 8, 2024

මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 03 දක්වා පහතට

- Advertisement -

අද (27) දින ඇමරිකානු ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවීමෙන් පසු මෙරට තුල වත්මන් විදේශ විනිමය සංචිත ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 3ක් දක්වා පහතට වැටෙන නමුත් එය මෙරට මූල්‍ය තත්වයේ අස්ථාවරත්වයක් පිළිඹිඹු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

වඩාත් වැදගත් වන්නේ රටක මුදල් ප්‍රවාහය සිදුවන ආකාරය මිස මුදල් සංචිත ප්‍රමාණය නොවන බවත් පළපුරුදු මූල්‍ය කළමනාකරුවන් සංචිත මට්ටමේ තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි බව හොඳින් දන්නා බැවින් මුදල් ප්‍රවාහයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන නමුත් මුදල් ප්‍රවාහය සාර්ථකව කළමනාකරණය කළ හොත් කිසිදු අස්ථාවරත්වයක් ඇති නොවන බව ඔවුන් හොඳින් දන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම, ඉදිරි මාස කිහිපය තුළ අපේක්ෂිත විදේශ විනිමය ප්‍රවාහය සැලකිල්ලට ගත් විට විදේශ සංචිතය ඩොලර් බිලියන 07 දක්වා ඉහළ නැංවීමට හැකියාවක් පවතින බවද කබ්රාල් මහතා පෙන්වා දෙනවා.

ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකාවට ගලා එන විදේශ විනිමය ප්‍රවාහය අමෙරිකානු ඩොලර් මිලියන 2650 කට ආසන්න වන බව ඔහු පවසනවා. ඒ පහත පරිදියි.

ඉන්දියාව සමඟ ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරුව
බංග්ලාදේශය සමඟ ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරුව
චීන සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 300ක ණය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 800ක විශේෂ ලබා ගැනීම් සහ හිමිකම් වෙන් කිරීම්
මහ බැංකුව ඉදිරි මාස 03 තුළ විදේශ විනිමය වෙළඳපොලෙන් මිලදී ගැනීමට අපේක්ෂිත ඩොලර් මිලියන 200
දේශීය බැංකු සතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා ඩොලර් මිලියන 300 ක්
අඩු උපයෝගීතා වත්කම් උපයෝගී කරගනිමින් අපේක්ෂිත විනිමය ගලා ඒම් ඩොලර් මිලියන 400ක්

මීට අමතරව, මහ බැංකුව, මහජන චීන බැංකුව සමඟ විනිමය හුවමාරුවක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 1500ක් ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වා ඇති අතර එයින් කොටසක්ද සංචිත ලෙස එක් කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින්, විපක්ෂය විවිධ මතිමතාන්තර දැරුවද, අපේක්ෂිත ගලා ඒම් සහ පිටතට ගලායාම සලකා බැලීමේදී ඉදිරි මාස කිහිපය තුළ පවතින සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇති බව ඔහු අවධාරනය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

රට භාරදෙන්න සුදුසුම පුද්ගලයා සජිත් – මිහින්තලේ හිමි

ජාතික ජන බලවේග වේදිකාවේ භික්ෂූන් සිටින්නේ නම් ඒ අය භික්ෂූන් වහන්සේලා වන බවත් අනෙකුත් දේශපාලන වේදිකාවල භික්ෂූන් සිටින විට ඔවුන් චීවරධාරීන් දුසිල්වන්තයන් ලෙස හංවඩු...

බිරිද ඝාතනය කළ සැමියා දිවි නසාගනී

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. ඊයේ (07) එම සිදුවීම වාර්තා වී තිබුණේ මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම...

වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් එක් අයෙක් සිදුවූ වනඅලි පහරදීමකින් මියගොස් ඇත්තේ, කල්මුණ බස් නැවතුම්පොළ...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...