29.7 C
Colombo
Tuesday, April 15, 2025

නව මුදල් පනත් කෙටුම්පතේ පරම රහස්‍යභාවය ඉවතට

- Advertisement -

දැනට බලපැවැත්වෙන මුදල් පනත සංශෝධනය කරමින් ඉදිරිපත් කර ඇති නව මුදල් පනත් සංශෝධන කෙටුම්පතේ ඇතුළත්ව තිබූ ‘පරම රහස්‍යභාවය’ යන්න ඉවත් කරන ලෙස මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්ව කරන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන තිබේ.

මෙම පනත් කෙටුම්පතට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් සලකා බැලීම පසුගිය 28 වැනිදා ඇරඹිණි.

29 වැනි දින එම පෙත්සම් සම්බන්ධයෙන් වාචික දේශන පැවැත් වූ අතර, එහි දී පරම රහස්‍යභාවය යන්න ජවිපෙ වෙනුවෙන් පෙනී සිටි සුනිල් වටගල ඇතුළු නීතිඥ කණ්ඩායම අභියෝගයට ලක් කරන ලදි. ශ්‍රේෂ්ඨාධිකරණය එම කරුණු පිළිගෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ‘නිල රහස්‍යභාවය’ යන්නට පමණක් අවසර ලබා දී ඇත.

පරම රහස්‍යභාවය ආරක්ෂා කරන්නේ නම්, අධිකරණය හෝ වෙනත් කිසිදු නිල ආයතනයකට අදාළ තොරතුරු ලබා ගත නොහැකි ය.

එහෙත්, නිල රහස්‍යභාවය යනුවෙන් අදාළ සංශෝධනය පිළිගැනීම නිසා අධිකරණය, විගණකාධිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිල ආයතනවලට අදාළ තොරතුරු ලබා දීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුතු ය.

මෙම පනත් කෙටුම් පත සඳහා නීතිපතිවරයා විසින් තාක්ෂණික කරුණු 07ක් සම්බන්ධයෙන් සංශෝධන එක් කර තිබේ.

මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා වෙත යොමුකිරීමට නියමිත ය.

මේ පනත් කෙටුම්පත මගින් කළු සල්ලි සුදු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවටත්, එය මූල්‍ය ක්ෂේත්‍රයේ බරපතළ පරිහානියකට හේතු වන බවටත් මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයෝ සැක මතු කර තිබිණි.

RECENT ARTICLES - SINHALA

චතුරංගට අපහාස කරලා – CCIDයට පැමිණිල්ලක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට සමාජ මාධ්‍යවලින් අපහාස සිදු කර ඇතැයි පවසමින් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක්...

අවුරුදු අනතුරුවල අඩුවක්

පසුගිය උත්සව සමයේදී සිදුවූ විවිධ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ...

මැතිවරණ කොමිසමෙන් අපේක්ෂකයන්ට නිවේදනයක්

පළාත් පාලන මැතිවරණයට භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව නඩු පැවරූ අපේක්ෂකයන්ට නඩු වාර්තාවල පිටපත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති...

POPULAR ARTICLES

අවුරුදු අනතුරුවල අඩුවක්

පසුගිය උත්සව සමයේදී සිදුවූ විවිධ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ...

සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හැරලා

සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඒ අනුව සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වනදා පැවැත්වීමට නියමිත බවයි. මෙය නිදහසින් පසු සිංගප්පූරුවේ පැවැත්වෙන...

චතුරංගට අපහාස කරලා – CCIDයට පැමිණිල්ලක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට සමාජ මාධ්‍යවලින් අපහාස සිදු කර ඇතැයි පවසමින් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක්...