27 C
Colombo
Wednesday, April 30, 2025

නාවික හමුදාව ඉඩම් අල්ලා ගැනීමේ උත්සහයට මුලතිව් ජනතාව විරෝධතාවයක. චීන ජාතිකයෙකුත් ඒ අතර

- Advertisement -

මුලතිව්, වට්ටුවගල් නාවික හමුදා කඳවුර අවට භූමියේ ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව අද (29) ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවක් පැවැත්වීය.

මීට පෙර තමන්ගෙන් පවරාගෙන ඇති ඉඩම් ලබාදීමත්, අලුතින් තම ඉඩම් පවරා ගැනීමේ උත්සාහයට විරෝධය පළකිරීමත් මේ විරෝධතාවේ අරමුණ විය.

අදාළ ඉඩම් අලුතින් මැනීමේ උත්සාහයක් අද ක්‍රියාත්මක වූ අතර, ජනතා විරෝධය නිසා එය තාවකාලිකව නවත්වන ලදි.

මෙහිදී සිදු වූ තවත් විශේෂත්වයක් වූයේ චීන ජාතිකයෙකු පැමිණ තමන්ට එහි අක්කර 49ක භූමියක් අයිති බව පැවසීමයි.

මේ පුද්ගලයා එහි සිටි මාධ්‍යවේදීන්ට පවසා ඇති ආකාරයට ඔහුගේ පියා චීන ජාතිකයෙකි. මව ශ්‍රී ලාංකිකයෙකි.

1977 වසරේදී හමුදා කඳවුර පිහිට භූමිය අවට ප්‍රදේශයෙන් අක්කර 49ක භූමියක් ඔවුන්ගේ පවුල විසින් මිලදීගෙන ඇත. ඒ ගොවිපොළක් පවත්වාගෙන යෑම සඳහා ය.

එහෙත් යුද්ධය සහ ආරක්ෂක හේතු නිසා එය සිදු කළ නොහැකි වූ බව ද ඔහු විසින් පවසා තිබේ.

ඊට අදාළ සියලු ලිපිලේඛන තමන් සතු බව ද ඔහු විසින් මාධ්‍යවේදීන්ට පවසා ඇත.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ තමන්ගේ දැන් වයස අවුරුදු 79ක් බවත්, තමන්ට මෙහි ව්‍යාපාරයක් කිරීමට හැකියාවක් නැති බවත් ය.

එම නිසා අක්කරයකට රුපියල් ලක්ෂ සියය බැගින් වන වටිනාකමක් ගෙවන්නේ නම්, තමන්ට අයත් අක්කර 49 ආරක්ෂක අමාත්‍යංශයට හෝ අදාළ වෙනත් ආයතනයකට ලබාදීමට තමන් සූදානම් බව ද ඔහු මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ තමන්ට වගාකිරීමට තිබූ ඉඩම් අහිමි නොකරන ලෙසයි.

වෙනත් ජීවන වෘත්තියක් නැති තමන්ගේ පවුල්වලට මේ ඉඩම් අහිමි නොකරන ලෙසත්. දැනට හමුදාවෙන් පවරාගෙන ඇති ඉඩම් ලබාදෙන ලෙසත් අද විරෝධතාවට සහභාගි වූ ජනතාව ඉල්ලා සිටී.

ඡායාරූප – කුමනන්

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනා VIP පෝලිමෙන් පනස් හයදාහක් ගිහින් – සමන් රත්නප්‍රිය

දළදා වැඳීමට ප්‍රභූවරුන්ගේ පෝලිම්වලින් 56,000 ක පිරිසක් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය පුරවැසියෙකුට...

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

මාස 6ට කරපුවා අහද්දි අපි ලොක් වෙනවා – ඇමති වටගල

ජාතික ජන බලවේග ආණ්ඩුව ගතකළ මාස හයක කාලයේදී ඊට පෙර වසර හැත්තෑ හයක කාලසීමාවට වඩා වැඩි වැඩ කොටසක් ඉටුකර ඇති බව නියෝජ්‍ය ඇමති සුනිල්...

POPULAR ARTICLES

දළඳා වන්දනා VIP පෝලිමෙන් පනස් හයදාහක් ගිහින් – සමන් රත්නප්‍රිය

දළදා වැඳීමට ප්‍රභූවරුන්ගේ පෝලිම්වලින් 56,000 ක පිරිසක් ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, සාමාන්‍ය පුරවැසියෙකුට...

IMF බලපෑමෙන් විදුලි බිල වැඩි වෙයිද ?

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා...

චීනයේ අවන්හලක ගින්නක් – 22 ක් මරුට

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හදුනාගෙන...