මාතර – කපුදූව අධිවේගී පිවිසුම් මාර්ගය ඉදිකිරීමේ අවස්ථාවට මුල්ගල තැබීම අද පෙරවරුවේ පැවැත්වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලන්සා, වීරසුමන වීරසිංහ, නිපුන රණවක හා කතානායක මහින්ද යාපා අබේවර්ධය යන අය සහභාගී වී සිටියා. එම අවස්ථාවේ පැලසිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වුණා. එහි ආසන්නයේ වූ පුවරුවක දැක්වුණේ මෙවැන්නක්,
නමුත් උත්සව යනාදිය පැවැත්වීම නිරෝධායන නීති අනුව තහනම් කර තිබෙන තත්ත්වයකදී මීටරයේ පරතරයවත් තබා නොගෙන සිය ගණනක් පිරිස සහභාගී කරගනිමින් අද මෙවැනි උත්සවයක් පැවැත්වීමට ආණ්ඩුවේ අමාත්‍යවරුන්ම කටයුතු කර තිබෙනවා.
කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 9 දෙනෙක් මියගොස් තිබෙනවා. එය මෙතෙක් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් 19 මරණ සංඛ්‍යාවද වනවා.