කොවිඩ් 19 තත්ත්වය හමුවේ අසරණව සිටින නාරාහෙන්පිට අභයාරාමය අවට පිරිස් කිසියම් ලෙසකින් හෝ ආධාරයක් ඉල්ලාගෙන එම විහාරස්ථානය ඉදිරියට රැස්ව සිටින බවට විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
මෙම රජය පත්කරලීමට අභයාරාම විහාරස්ථානය හරහා දැවැන්ත කාර්ය භාර්යයක් සිදුවූ බවත් එය දන්නා ජනතාව දැන් තම විහාරස්ථානයෙන් ජීවත්වීමට උපකාර ඉල්ලා සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.
මේ නිසා මෙම ජනතාවට සහන සැලසීමට වහාම නිසි ක්‍රමවේදයක් සකසන ලෙසට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජයෙන් ඉල්ලීමක් කරනවා.