28.4 C
Colombo
Saturday, April 12, 2025

සාකච්ඡා නැතිව විශ්‍රාම වයස 60 කිරීමේ විපාක FTZMA පෙන්වාදෙයි

- Advertisement -

මෙවර අයවැයෙන් තීන්දු කර ඇති, පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙරට තරුණ විරැකියාව ඉහළ යනු ඇති බවත්, ඒ නිසා එම තීන්දුව යළි සලකා බලන ලෙසත් නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය හෙවත් FTZMA ආයතනය ලිඛිතව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලගෙන් ඉල්ලා ඇත.

එම ලිඛිත ඉල්ලීම යොමු කර ඇති ආයතනය ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකත්වය දරණ ආයතනයකි. නිවේදනය නිකුත් කර ඇත්තේ FTZMA ආයතනයේ සභාපති ජතින්දර් බියාලා සහ ලේකම් ධම්මික ප්‍රනාන්දුගේ අත්සනින් යුතුවය.

එම ආයතනය පෙන්වාදෙන්නේ කම්කරු උපදේශන සභාව කාර්මික ආරවුල් සමථයට පත් කිරීමත් කාර්මික සාමය පවත්වාගැනීමත් සඳහා හොඳම ක්‍රමය සමාජ සංවාදය වන බවය. ඒ නිසා යම් තීන්දුවක් ගන්නා විට එහි ඍණාත්මක සහ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් බව එම ආයතනය පෙන්වාදෙයි.

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා අවම විශ්‍රාමික වයස අවුරුදු 60 ක් ලෙස නියම කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සඳහා අවස්ථා ගණනාවක දී ජාතික කම්කරු උපදේශක සභාවේදී ‍සාකච්ඡා පවත්වා ඇතැයි එම සංවිධානය පෙන්වාදෙයි.

දනට ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නීත්‍යානුකූල විශ්‍රාම ගැන්වීමේ වයසක් නැත. පිළිවෙලින් වයස අවුරුදු 50 සහ 55 යන වයස්වල පසුවන අයට රැකියා කාලය අවසන් වීම යන පදනම මත සේවක අර්ථසාධක අරමුදල් (ඊපීඑෆ්) ප්‍රතිලාභ ලබා ගැනීමට කාන්තාවන්ට සහ පිරිමින්ට අවසර දී තිබේ.

පුද්ගලික අංශයේ දැනට පවතින භාවිතාව වන්නේ සේවකයින්ට ඊපීඑෆ් ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබන වයසේදී විශ්‍රාම යාමට ඉඩ දීමයි. ඒ අනුව නෛතික විශ්‍රාම ගැනීම සඳහා වයසක් නියම කිරීමෙන් එය නීතියක් බවට පත් වේ.

එසේ නීතියක් බවට පත් වුවහොත් සිදු විය හැකි ප්‍රවණතා කිහිපයක් එම සංවිධානය පෙන්වා දී තිබේ.

ඔවුන් පෙන්වාදෙන ආකාරයට වෙනදාට වඩා වැඩි වයසක් දක්වා සේවකයන් සේවයේ තබා ගැනීමට බල කෙරෙන විට සමාගම් කරනු ඇත්තේ නව සේවකයන් බඳවාගැනීම අඩු කිරීමය. ඒ අනුව දැනට සීයට 18ක් පමණ වන විරැකියාව තවත් උග්‍ර වනු ඇත.

අනෙක නිෂ්පාදනය වැනි කාර්මික අංශය ශ්‍රමය වැය කරමින් වැඩ කරන ක්ෂේත්‍රයකි. එම ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය වඩා තරුණ අය වීම යහපත්ය. ඒ අනුව වැඩිහිටි කම්කරුවන් වැඩි කාලයක් රඳවාගැනීමට බලපෑම් කිරීමෙන් නිෂ්පාදනවල ඵලදායකත්වය අඩු විය හැකි බවද ඔවුන් පෙන්වයි. ඒ අනුව නිෂ්පාදන පිරිවැය ඉහළ යනු ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ලංකාවේ සීයට 34ක පමණ අඩු තැනක පවතී. වැඩි වැඩියෙන් කාන්තා සේවිකාවන් බඳවාගැනීම දිරිමත් කළ යුතුය. එය ජාත්‍යන්තර පිළිගැනීමකි. ඒ අනුව වැඩිහිටි සේවකයන් තවත් කාලයක් සේවයේ රඳවා තබාගැනීමට පෞද්ගලික ආයතනවලට බලපෑම් කිරීම නිසා අනාගතයේ වැඩි වැඩියෙන් කාන්තා සේවිකාවන් බඳවාගැනීමට තිබෙන හැකියාව අඩු වනු ඇත.

මේ වන විට පෞද්ගලික අංශය කොවිඩ්-19 වසංගතයෙන් දුර්වල වී සිටින පසුබිමක වැඩිහිටි කම්කරුවන් සේවයේ රඳවාගැනීමට බලපෑම් කිරීම නිසා එම කර්මාන්තවලටත් බලපෑමක් විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ. වසංගතය නිසා එම ආයතනවල සේවකයන් බඳවාගැනීම අනාගතයේදී කොහොමත් අඩු වනු ඇත.

එසේ වුවහොත් මේ නව නීතියත්, වසංගතයත් නිසා තරුණයන්ට රැකියා අවස්ථා අහිමි වී විශාල තරුණ අසහනයක් නිර්මාණය වනු ඇත.

Photo credit – https://www.google.com/url?sa=i&url=https%3A%2F%2Fnewsin.asia%2Fsri-lanka-create-safer-working-conditions-women%2Fwomen-work-force%2F&psig=AOvVaw0tx4SzQf-Sxt3Hv5Zg9DQG&ust=1606186245637000&source=images&cd=vfe&ved=0CA0QjhxqFwoTCNC5vaTUl-0CFQAAAAAdAAAAABAP

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...