28 C
Colombo
Wednesday, April 30, 2025

දින 10 ට කොවිඩ් මරණ 591 ක් – ඇල්ෆා, බීටා, ඩෙල්ටා ලංකාවේ !

- Advertisement -

ගත වූ දින 10 ක කාලය තුළදී මෙරට කොවිඩ් මරණ 591 ක් සිදුව ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළා.

එම කාලය තුළ කොවිඩ් ආසාදිතයන් 21,344ක් වාර්තා වී ඇති අතර, පීසීආර් පරීක්ෂණ එක් ලක්ෂ තිස් හතර දහස් එකසිය හැත්තෑ නවයක් කර ඇතැයිද ඇමතිවරිය කීවාය.

වසංගතයක් ලෙස කොවිඩ් රෝගයෙන් ප්‍රතිකාර ලබන රෝගීන් ගණන මොහොතෙන් මොහොත වෙනස් වන බවත් දිනපතා වාර්තා වන රෝගීන් සේම සුවය ලබා රෝහල්වලින් නික්ම යන රෝගීන් ද සැලකිය යුතු සංඛ්‍යාවක් බවත් ඇය සදහන් කළාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරිය මේ බව කීවාය.

දැඩි සත්කාර ඒකකවල මේ වන විට රෝගීන් 164 දෙනෙකු ප්‍රතිකාර ලබන බව පැවසූ ඇමතිවරිය ලෝකය පුරා ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා යන කොවිඩ් ප්‍රබේද වාර්තා වන බවද ප්‍රකාශ කළාය. එයින් මෙරට තුළ ඇල්ෆා, බීටා සහ ඩෙල්ටා යන ප්‍රබේද වාර්තා වී ඇතැයි ද ඇය සදහන් කළාය.

වයස අවුරුදු 10 ට අඩු කොවිඩ් ආසාදිත දරුවන් දහනවදහස් හයසිය අසු අටක් වාර්තා වී ඇති බවත් අවුරුදු 10 ත් 18 ත් අතර දරුවන් විසිහය දහස් එකසිය හතලිස් තුනක් වාර්තා වී ඇති බවත් ඇමතිනිය කීවාය.

එසේම කොවිඩ් ආසාදනයවීමෙන් වයස අවුරුදු 18 ට අඩු දරුවන් 14 දෙනෙකු මියගොස් ඇති බව කී ඇමතිවරිය අවුරුදු 18 ට අඩු දරුවන්ට ෆයිසර් එන්නත දිය හැකිද යන්න ගැන අධ්‍යයනය කරමින් සිටින බවද පැවසුවාය.

RECENT ARTICLES - SINHALA

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

දේපල වංචාවකට හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට...

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දිමක්

මැයි මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිල රු.4.100ක් වන අතර...

POPULAR ARTICLES

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

දේපල වංචාවකට හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට...

GSP+සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි පවසනවා. ඔහු මේ පැවසුවේ, මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ...